බීට් වගා කරන්න පුළුවන් ශිත දේශගුණයේ විතරමද?

Sri Lanka Sri Lanka Food Crisis Ministry of Agriculture
By Wayomi Jul 01, 2022 11:30 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report


හැමෝම දන්නවා බීට්, කැරට් හැදෙන්නේ නුවරඑළිය වගේ ශිත දේශගුණයක් තියෙන ප්‍රදේශ වල කියලා. හැබැයි ඔබටත් පුළුවන් ඔබේ ගෙවත්තේත් බීට් වගාව අරඹන්න පුළුවන්. ශීත දේශගුණයක්ම තියෙන්න ඕන නැහැ. හොඳින් ජලය බැසයන කාබනික ද්‍රව්‍ය අඩංගු පසක වගා කිරීමේ හැකියාව තියෙනවා.


සැ.යු -

🌞 විශේශයෙන්ම එළිය අඩු වර්ෂාව වැඩි කාලයේදී බීට් කොළ රතු පැහැවී වර්ධනය අඩු වීමක් සිදුවනවා . මෙය රෝග තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා එවැනි අවස්ථාවක අනවශය ලෙස පොහොර බෙහෙත් ගහන්න එපා.

🌞 අඩු හිරු එළිය සහ වර්ෂාව අධික කාලය මඟහැර වගා කිරීම වඩාත් සුදුසුයි.

 වගා කරන්නේ මෙහෙමයි.

🌱 පසෙහි PH අගය 6.3 - 7.3 පමණ තිබිය යුතු වෙනවා.

🌱 බීජ තවාන් කරලා වගේම කෙලින්ම මලු/ උර වල සිටුවන්න පුළුවන්.

🌱 බිම වගා කරනවා නම් ඉඩමේ සෙන්ටිමීටර් 20-30 ගැඹුරට පස පෙරළා මීටරයක් පමණ පළල හා සෙන්ටිමීටර් 20 පමණ උස පාත්ති සකස් කර ගත යුතු වෙනවා. ඉන්පසුව එයට හොඳින් දිරාපත් වූ කාබනික පොහොර ටිකක් එකතු කරන්න.

🌱 සෙන්ටිමීටර් 10 පරතරය සහිත පේලි දිගේ බීජ සිටුවන්න. සති 4-6 පමණ වයසැති හා අලය තරමක් වර්ධනය වී ඇති පැළ සිටුවන්න. එහෙම කළොත් පැල කුඩා කාලයේදීම මැරෙන එක නවත්වා ගන්න පුළුවන්.

🌱බීට් ඇටයකින් බීජ පැළ 2-3 ක් ලැබෙන අතර බීජ සිටුවා සති 4-6 කට පසු වැඩි පැළ ප්‍රවේශමෙන් ගලවා ඉවත් කළ යුතුයි.

🌱 ඉන්පසුව එම පැළ වල පත්‍රවල කෙළවර ප්‍රදේශයෙන් කපා දමා මුදුන් මුලද තරමක් කපා දමා මුදුන් මුල නොනැමෙන ලෙස පාත්තිවල සිටුවා ජලය යොදන්න.

🌱 පොහොර යෙදීම බීජ පැළ වී සති 2 පමණ ගත වූ පසුව තවානට කාබනික පොහොර එක් කරන්න.

🌱 නිතරම පසෙහි තෙතමනය සැලකිල්ලට ගනිමින් දින 3-4 වරක් බැගින් ජලය සපයන්න.

🌱 වගාවේ පැළ සිටුවා සති 2 දී පළමුවරට වල් පැළ ගලවා දමන්න.

🌱ඉන්පසු මතුපිට පොහොර යෙදීමට පෙර, එනම් සති 4 දී පමණ නැවත වරක් වගාවේ වල් පැළ ඉවත් කරන්න.

🌱 පැළ සිටුවා දින 70-90 දී ඔබට අස්වැන්න නෙළා ගන්න පුළුවන්.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW