ශ්‍රී ලංකාව තුළ ජන අරගල නිර්මාණය වීම හා මෙකල පවතින අරගලය..
1948 සිට මේ දක්වා දේශපාලන සහ සමාජීය අයිතිවාසිකම් මුල් කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ ජන අරගල නිර්මාණය වී ඇත. එනම් විවිධ සමාජ තාඩන පීඩන මිනිසාට දරාගත නොහැකි බදු, රටේ දේශපාලන අස්ථාවර වීම්,විවිධ ගාස්තු ඉහල දැමීම් , අතවශ්‍ය භාණ්ඩ රට තුල නොමැති විම ආදිය පාදක කොට ගෙන මෙම ජන අරගල රට පුරා කලින් කලට සිදුව ඇත.
වසර 69කට පෙර එනම් 1953 අගෝස්තු 12වැනිදා පැවැති හර්තාලයේ සිදුවීම් දෙකකි. එය වූ කලී ලාංකීය කම්කරු ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ තීරණාත්මක අවස්ථාවකි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් 1948 මිදීමෙන් අනතුරුව ඇතිවූ ප්‍රථම බහුජන නැගිටීමද එය විය. යටත් විජිත ගහනයෙන් මිදුණු ශ්‍රී ලංකාව තුළ නැවත ආර්ථික සමාජීය සහ සංස්කෘතික නිදහස තහවුරු කිරීම වෙනුවට තවදුරටත් විදේශ මූල්‍යායතනවල යෝජනාවලට ගොදුරුවීම මෙම නැගිටීමට පාදක වූ ආසන්නම හේතුව වේ. සහල් සලාකය ඉවත් කිරීම, පාසල් දරුවන්ගේ දිවා ආහාරය ඉවත්කිරීම, තැපැල් ගාස්තු සහ දුම්රිය ගාස්තු ඉහළ දැමීම, ජනතාව පීඩනයට ලක්කිරීමට හේතු විය..
1953 හර්තාලය පැන නැග්ගේ රජය ජනතාවගේ සැබෑ වුවමනාවන් අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවයන්ට යටකිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. එමෙන්ම එය නොදියුණු හා පරිහානියට පත්වෙමින් තිබූ යටත් විජිත ආර්ථික ක්‍රමයේ පිළිඹිඹුවක්ද විය.
1956 දී එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක ලංකාවේ අගමැති තනතුරට පත් වූයේ බලසම්පන්න සිංහල ජාතිවාදී වේදිකාවක් මතටය. නව රජය සිංහල පමණයි යනුවෙන් පනතක් සම්මතකර ගත්තේ සිංහල තනි රාජ්‍ය භාෂාව බවට පත් කරමිණි. මෙසේ කරන ලද්දේ ජනගහණයෙන් හතරෙන් පංගුවක් පමණ ඔවුන්ගේ ප්‍රධාන භාෂාව ලෙස දෙමළ භාෂාව පාවිච්චි කරන අතරේදීය. මෙම පනතට දෙමළ ජනතාව නොපමාව තම අසතුට පළ කළහ. තමන්ගේ භාෂාව, සංස්කෘතික සහ ආර්ථික තත්වය ඉක්මන් තර්ජනයකට විෂය වෙතැයි අදහස් කළහ.
1958 මැයි මසදී දිවයිනේ සිංහල සහ දෙමළ ජන වර්ග දෙක අතර ඇති වූ කැරැල්ලකින් ශ්‍රී ලංකාව කැළඹී ගියේය. දුසිම් ගණනක් ඝාතනය වූ අතර දහස් ගණනකට නිවෙස් අතහැර පලා යාමට සිදු විය. මෙයින් අනතුරට පත් වැඩි දෙනා වූයේ දෙමළ ජනතාවයි. දින 5 ක් ගත වුවද රජය කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. අවසානයේදී මැයි 27 දින රජය විසින් හදිසි නීතිය පනවන ලදී. ෆෙඩරල් පක්ෂය හා ජාතික විමුක්ති පෙරමුණ තහනම් පක්ෂ ලෙස ප්‍රකාශ කෙරුණි.
දිවයිනෙහි ෆෙඩරල් පාක්ෂික ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි. දින දෙකක් තුළ හමුදාව විසින් කොළඹ නගරය සන්සුන් කළ අතර පසුව මුළු දිවයින පුරා ඵය ව්‍යාප්ත කළේය. 12000 කට ආසන්න වූ දෙමළ අනාථයන් කොළඹ ආසන්නයේ වූ අනාථ කඳවුරු කරා ගියහ. රජය හොර රහසේම යුරෝපීය නැව් හයක් මගින් ඵම අනාතයන්ගෙන් වැඩි පිරිසක් යාපනයේ පදිංචි කරවීම පිණිස ජුනි මස මුලදී යැවීමට කටයුතු කළේය. ඉන් පසු සිවිල් ජනතාව පදිංචිව සිටි දිවයිනේ අනෙකුත් පෙදෙස් වලින් හමුදාව ආපසු කැඳවන ලදී. එහෙත් අවුරුදු 25 ක් පමණ කාලයක් හමුදාව යාපනයේ සිටියහ.
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ නායකත්වයෙන් 1971 දී දකුණේ කැරැල්ලක් නිර්මාණය විය. රැසියාවේ අධ්‍යාපනය ලැබූ විජේවීර ධනේෂ්වර සමාජ ක්‍රමයට එරෙහිව කැරලි ගැසුවේය. රැකියා විරහිත උපාධිධාරීන් ඇතුළු තරුණ කොටස් කැරැල්ලට එක්වූහ. තරුණයන් 1,500 ක් පමණ එහිදී ඝාතනයට ලක් වූහ.ලංකාවේ අග්‍රාමාත්‍යවර සිරිමාවෝ බණ්ඩාරනායක යටතේ වූ ලංකාවේ ආණ්ඩුවට එරෙහිව කොමියුනිස්ට් ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) විසින් දියත් කෙරුණු පළමු අවිගත් විප්ලවය විය. 1971, අප්‍රේල් 5 දින ඇරඹුනු කැරැල්ල, 1971 ජූනි මස වන තුරු පැවතිනි. සන්නද්ධ හමුදාවන් විසින් එම ප්‍රදේශ යළි-අල්ලා ගැනුමට පෙර, සුළු නගර සහ ගම්බද පළාත් කිහිපයක්, සති කිහිපයක් මුළුල්ලෙහි අල්ලා ගෙන යටත් කරගෙන සිටුමට කැරළිකරුවෝ සමත් වූහ. 1972 වසරේදී ශ්‍රී ලංකාව ජනරජයක් ලෙස නම් කරන ලද අතර රටේ ආගම් අතරින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් හිමි විය.
1976 වසරේදී එල්ටීටීඊ සංවිධානය බිහි විය. 1977 වසරේදී බෙදුම්වාදී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) දෙමළ බහුතරය වෙසෙන පලාත්වල සියලු ආසන දිනාගත් අතර දෙමළ විරෝධී කෝලාහල හමුවේ සිය දෙනෙකුට අධික පිරිසක් මරණයට පත් විය. 1983 වසරේදී එල්ටීටීඊ සංවිධානය විසින් යාපනයේදී හමුදා භටයන් දහතුන් දෙනෙකු ඝාතනය කරනු ලැබීමත් සමග "කළු ජුලිය" ඇතුළු දෙමළ විරෝධී කෝලාහල හටගැනිණි. ශ්‍රී ලංකා රජයේ හමුදා සහ එල්ටීටීඊ සංවිධානය අතර පැවති සිවිල් යුද්ධය අතරතුර දකුණේ දේශපාලනඥයන් රැසක් ඝාතනයට ලක් විය. වසර තිහකට ආසන්න කාලයක් පැවති ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය 2009 වසරේ අවසන් වූ අතර එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්විණි. එකී කාලය තුළ උතුරේ සහ දකුණේ ජීවිත ලක්ෂයක් පමණ අහිමි විය. යුද්ධයේ අවසාන අදියරයේ යුද අපරාධවල යෙදුනු බවට දෙපාර්ශවයටම චෝදනා එල්ල වන අතර ශ්‍රී ලංකා ආණ්ඩුව එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ල 1988-1989 කාලයේදී වඩාත් සක්‍රීය විය. ජවිපෙ 2 වැනි කැරැල්ල 1986 ආරම්භ වූව ද එය බෞතිස්ම කරනු ලැබුවේ 1987 ජුලි 28 කොටුව බෝගහ අසලින් ආරම්භ වූ උද්ඝෝෂණයත් සමඟය. එම 1987 වසර ආරම්භයේදී මැයි 01 දෙදෙනකු පොලිස් වෙඩි තැබීමෙන් මියගොස් තිබූ අතර 1987 අප්‍රේල් 15 පල්ලකැලේ හමුදා කඳවුරට පහරදී අවි පැහැරගෙන තිබිණි. එමෙන්ම ඉන්දියාව මගින් ජුනි 4 ගුවනින් පරිප්පු හෙළන ලදී. 1987 ජුනි 7 ජවිපෙ මගින් කටුනායක ගුවන් කඳවුරට සහ රත්මලාන ආරක්ෂක පීඨයට කඩා පැන අවි පැහැරගෙන තිබිණි. එමෙන්ම එජාප රජය මගින් 1987 ජුනි 22 සරසවි සිසුන් 88 දෙනෙකු එක රැයින් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බන්ධනාගාර ගතකර තිබිණි. රට තුළ දෝලනය වූයේ මෙවැනි වාතාවරණයකි. රාජ්‍ය දේපලවලට දැඩි හානි සිදු වූ අතර කොපමණ ජීවිත සංඛ්‍යාවක් අහිමි වුවාද යන්න පිළිබඳ නිල සංඛ්‍යා ලේඛන නොමැත. කෙසේ නමුත් හැටදහසක් පමණ මරණයට පත්ව ඇති බව විශ්වාස කෙරේ.
2022 නිර්පාක්ෂික ජන අරගලය.
ගාලු මුවදොර , ජනාධිපති කාර්යාලය ඉදිරිපිට නිර්පාක්ෂික ජන අරගලය අඛණ්ඩව ක්‍රියාත්මකයි. ජන අරගලයට සහය වීම සඳහා ජනතාව එකතු වී සිටින්නේ, පක්ෂ පාට , ආගම්භේද නොතකමිනි. රටේ වත්මන් ගැටලු විසඳන්න නිසි කලට නිසි තීරණ නොගත් ජනපති, අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය ඉවත් වන්නැයි, බල කරමින් ජනාධිපති කාර්යාලය අසල ක්‍රියාත්මක නිර්පාක්ෂික අරගලයට අදට දින 41 කි. අද වන විටත් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත්වි නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ ඇතුළු නව කැබිනට් මණ්ඩලයක් ඔස්සේ ආණ්ඩුව මෙහෙවාගෙන යයි. නමුත් ප්‍රධාන අරමුණ ලෙස සැලකෙන ජනාධිපති ඉවත් විම ඉටුවන තුරු #Gota Go Home # සටන්පාඨය අතේ ඇතිව දිවා රැ නොතකා ඔවුන් ගාලුමුවදොර අරගල භූමියේ රැදී සිටි.
මැයි 09 වන දින අගමැති මහින්ද රාජපක්ෂගේ ඉල්ලා අස් විමත් සමග රට තුල කලබලයක් ඇතිවිය එනම් රට තුල නන්දෙසින් පැමිණි පිරිසක් නිරිපාක්ෂික අරගලයට පැමිණ කලබල කිරිමත් සමග රට තුල විශාල වශයෙන් ගිනි දැල් ඇවිලි ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස මන්ත්‍රි නිවාස 71 ගිනිබත් විය. තවත් ජිවිත ගණනත් අහිමි විය . තවත් පිරිසක් විශාල වශයෙන් තුවාල ලබා තවත් පිරිසක් ආභාධිත තත්ත්වයේ සිටි එය හමාර කිරිමට රට තුල දින ගණනක් පුරාවට රට අගුළුලා තිබීය. නමුත් අදටත් රටේ නිර්පාක්ෂික අරගලය ඉදිරියට ගෙන යයි. ඊයේ රාත්‍රියේත් අරගල භූමියේ විවිධ විශේෂාංග සංවිධානය කර තිබිණ. මේ වන විටත් දිවයිනේ නන් දෙසින් පැමිණෙන නිර්පාක්ෂික ජනතා සහය අඛණ්ඩව අරගලයට ලැබෙමින් පවතී.