යළිත් රට වසා දැමීමට තීරණයක්.. ? හේතුව සහ සියලු විස්‍තරය
රට යළි සාමාන්‍යකරණයට ලක් වීමත් සමග කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ යම්කිසි වර්ධනයක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සහ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් චන්න ද සිල්වා පවසනවා.
එදිනෙදා ජීවිතයේ සෞඛ්‍යමය ලිහිල්භාවය ජනතාවට ලැබීමත් සමග බොහෝ දෙනා දීර්ඝ නිවාඩු ගත කිරීමට සහ සංචරණ කටයුතු වැඩි වශයෙන් සිදු කිරීමට යොමු වීම හේතුවෙන් මෙම අර්බුදකාරී තත්ත්වය නිර්මාණය වී ඇති බවයි විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය මත රට පුරා ඉතා ශීඝ්‍රයෙන් ඔමික්‍රොන් වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වන අතර, දෛනිකව විශාල වශයෙන් නව ප්‍රභේදය ආසාදනය වූවන් විවිධ ප්‍රදේශවලින් හමුව ඇති බව වෛද්‍යවරයා කියා සිටිනවා. මෙවන් තත්ත්වයක් ඇතිවීමට මූලිකම හේතුව වන්නේ රට සාමාන්‍යකරණය වීම තුළින් ජනතාව සැහැල්ලුවෙන් යුතුව ගමන් බිමන් අනවශ්‍ය පරිදි සිදු කිරීම බව ද හෙතෙම වැඩිදුරට්ත් පෙන්වා දෙනවා.
මෙවන් පසුබිමක් තවදුරටත් පවත්වාගෙන යන්නේ නම්, අනිවාර්යයෙන්ම ඔමික්‍රොන් වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවත් වැඩිවිය හැකි බවත්, එමගින් එම ප්‍රභේදය රටේ ව්‍යාප්ත වන ප්‍රධානතම වෛරස ප්‍රභේදය බවට පත්විය හැකි බවත් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා වැඩිදුරටත් කියා සිටියා. මේ අතර ඔමික්‍රෝන් කොවිඩ් වෛරස ප්‍රභේදය අසාදිතයින්ගේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම ඉතා අඩු මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.
සුලු කැස්ස / හෙබිරිස්සාව සහ සුලුවෙන් ඇතිවන උගුරේ වේදනාව වැනි රෝග ලක්ෂණ කිහිපයක් පමණක් ඔමික්‍රෝන් කොවිඩ් වෛරස ප්‍රභේදය අසාදිතයින්ගේ පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. සාමාන්‍ය කොවිඩ් වෛරස අසාදිතයින්ගේ පෙන්නුම් කරන අධික උණ වැනි රෝගී තත්තව මෙම වෛරස අසාදිතයින්ගේ පෙන්නුම් නොකිරීම විශේෂත්වයක්.
මේ අතර කොවිඩ් මර්ධන එන්නත හරහා කිසිදු අතුරු රෝගාබාධයක් ඇති නොවුනද කොවිඩ් රෝගය වැළදුණු විටදී ලිංගික බෙලහීනතාව / මදසරු භාවය / ලේ කැටි ගැසීම නිසා ඇතිවන හෘද ආබාධ, අංශභාග වැනි රෝගී තත්වයන් හටගන්නා බවද විශේෂඥ වෛද්‍ය ශර්මිලා ද සිල්වා මහත්මිය අවධාරණය කලා. ඇය මේ බව අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |