රටම ආදරය කළ ප්‍රවීන ගායකයාගේ හද දිනූ ගීත රැසක් මැකී යන ලකුණු - විශේෂ අධිකරණ නියෝගයක්..!

By Sewvandhi Apr 02, 2024 04:27 PM GMT
Report

අද (02) ගායන ශිල්පී සේනක බටගොඩ මහතාට ඔහු ගායනා කළ ගීත 7ක් මින් ඉදිරියට ගායනය කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා  වාරණයක් නිකුත් කළේය.

අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පනක් තිබෙනවා, හොඳම දේ, සැනසෙන්නම් යන ගීත 7 ගායනය කිරීම වළක්වමින් එලෙස වාරණ නියෝගය නිකුත් කර ඇත.

මෙම තීරණය දැනුම්දී ඇත්තේ, ඒකාබද්ධ ගීත පදරචනය, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය කළ ජනත් කුලතිලක මහතාට බුද්ධිමය දේපොළ පනත යටතේ ගෙවිය යුතු කතෘ භාගය නොගෙවීම සම්බන්ධයෙන්ය.

ජනත් කුලතිලක මහතා විසින් සිය නීතිඥයින් මාර්ගයෙන් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකාබැලූ විනිසුරුවරයා ජනත් කුලතිලක මහතාගේ ලිඛිත අවසරයකින් තොරව එම ගීත 7 වෙනත් පාර්ශ්වයන් වෙත පැවරීම වළක්වාලමින් ද වාරණයක් නිකුත් කරනු ලැබීය.