හිමාලයෙන් ආ තැල් කොළ වල ඔබ නොදත් ගුණ.

Healthy Food Recipes
By Wayomi Sep 06, 2022 12:58 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

තැල් කොළ කියන්නේ ත්‍රිවෘත (Convolvulaceae) කුලයට අයත් වැල් ශාකයක්. මේවා ඉන්දියාවේ, දකුණු අප්‍රිකාව, මලයාව, චීනය, මලයාසියාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල දක්නට ලැබෙන අතර ලංකාවේ මහමඩු, අඳුන් පලා යන නම් වලින්ද හඳුන්වනවා.

☘️ ප්‍ර​භේද 4කින් යුත් තැල් වල ආහාරයට ගන්න තැල් විශේෂය තමා රස තැල්. රෝග රැසකට ගුණ දෙන මේ තැල් කොළ හිමාල වනයෙන් ගෙන ආවා කියලා තමා ජනප්‍රවාදයේ කියැවෙනවා.

☘️ රස තැල්, වස තැල්, ලප්තැල්, ගොතැල්, වශයෙන් ප්‍රභේදකර දැක්වෙන තැල් වැල් , ලා දම්, සුදු, කහ, වර්ණ මල් වලින් අලංකාරවනවා.

☘️ තැල් වටිනා ඔසුවක් මෙන්ම රසවත් ආහාරයක්.

☘️ හෙළ වෙදකමේත් ආයුර්වේදයේත් ඖෂධ පිණිස යොදා ගන්නා තැල් වා පිත් සෙම් තුන් දොස සමනය කරනවා.

☘️ ඒ වගේම එය විෂ නාශකයක්, ආහාර රුචිකාරකයක් මුත්‍රාකාරකයක්, ලෙස ක්‍රියාත්මක වෙනවා.

☘️ තැල් කොළ යුෂ එළඟිතෙල් සමඟ මිශ්‍රකර දින තුනක් පානය කිරීමෙන් මුත්‍රා ආබාධ පාලනය කරගත හැකි බව වෛද්‍ය ලේඛනවල සඳහන්.

☘️ වෙනත් ආහා‍රවලින් ඇතිවන විෂකොටස් බැහැර කිරීමට ද ඊට හැකියාව ඇති බව කියැවෙනවා.

☘️ එය උදර , හදවත්, අක්මා, වකුගඩු රෝගවලට ගුණදායකයි. අම්ල පිත්ත රෝගය දුරුකරන්නක්. එසේ ම ස්වාශ කාශ ආදි ශ්වසන පද්ධති රෝගද පාලනය කරන්නක්.

☘️ තැල් කොළ කැඳ, මැල්ලුම් ආදියෙන් දීර්ඝ කාලීන කැස්ස සමනය කරගත හැකි බව ආයුර්වේද ග්‍රන්ථවල සඳහන්.

☘️ තැල් කොළ කාන්තාවන්ගේ ගර්භාෂ ආශ්‍රිතව ඇතිවන ප්‍රදර හා ආර්තව රෝග තත්ත්වයන් පළවා හරිනවා. මඳ සරු භාවයට ද ගුණදායකයි.

☘️ දරුවකු පිළිසිඳ ගත්විට මුල් සමයෙහි ඇතිවන වමන ඔක්කාර ගති, ආහාර රුචිය, ඇති කරගැන්මට සහාය වනවා. දරුවකු ලද විට මවුකිරි වර්ධනය කර දෙනවා. .

☘️ ගොතැල් නමින් හඳුන්වනු ලබන කහ තැල් කොළ (Merremia hederacea) සමෙහි ඇති වන ගෙඩි වණ තුවාල සුවකිරීමට යොදා ගන්නා බව ආයුර්වේදය සඳහන්.

☘️ එමෙන්ම වස තැල් (Ipomoea obscura) නම් ප්‍රභේදය සර්ප විෂ දුරලීමටත් ඇස් වෙදකමටත් උපයෝගී කරගන්නා අතර සිරුරේ ඇතිවන තැලීම් වලදී එහි කොළ අඹරා බඳිනු ලබනවා.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW