"මට ඇවිදගන්න බැරි දවස් තිබ්බා..කිසිම අණක් ගුණක් නැති මිනිස්සු.." සමාජ රෝග සායන පෝලිමෙන් ඇසෙන ඇඟ හිරිවැටෙන ඛේදනීය කතාවක්..!
ඔබට මතක ඇති, මෑත කාලීන එක්තරා යුගයක දි ටියුෂන් පන්ති කෙරුවාව රැල්ලක් සහ උන්මාදයක් බවට පත් වුණා. ලංකාවෙ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන පටන් ගත්තු Mass class එහෙමත් නැත්නම් hall class.
ඒ කියන්නෙ විශාල ජනකායක් එක් රැස් වෙන පංති කලාව. මේ රැල්ල ඇතුළෙ නානාප්‍රකාර මාෆියා බිහි වුණා. ඒ ඇතුළෙ අදහගන්න උහුලගන්න බැරි අපරාධ සහ ඛේදවාචක සිද්ධ වුණා. මේ ඒ සාගරයක් වැනි ඛේදවාචක ඇතුලෙ වතුර බිංදුවක් වැනි එකක්.
අපි ඇයට ගීතිකා කියලා කියමු. ගීතිකා උසස්පෙළට තෝරගන්නෙ කලා විෂයන්. සම්මතයෙ විදිහට ඒ තරම් උනන්දුවකින් ඉගෙන ගන්න අවශ්‍ය නැති යැයි බොහෝ අයගෙ මනසේ තියෙන විෂය ධාරාව. ගීතිකාත් ඉගෙනීමට උනන්දු කෙනෙක් නෙමෙයි. ඇය උසස්පෙළ පන්තියේදි ආශ්‍රය කරන්නෙ තමන්ගෙ 4 වෙනි පෙම්වතාව.
ඔහු ත්‍රී රෝද රථ රියදුරෙක්. උසස්පෙළ අසමත් වෙලා ත්‍රීවිලරයක් අතට ගත්තු රස්තියාදුකාර තරුණයෙක්. අමීෂ. අමීෂ ගීතිකාගෙ හැම පන්ති දවසක්ම කාබාසිනියා කරන්න පේ වෙලා හිටියේ. ගීතිකාත් එහෙමයි. ඇය වැඩිපුරම කාලය ගත කරේ ටියුෂන් පන්තිය පිටුපස තියෙන කුඩා ලැගුම් කාමරවල.
පන්ති කාඩ් එකට ගෙවන මුදලෙන් ඇයට දින දෙකක් ඒ ලැගුම් හලට යන්න පුළුවන්. ඒ තරම් ලාබ, අපිරිසිදු කුඩා මුඩුක්කු වැනි කාමර. මේ සියල්ල මාස හයක පමණ කාලයක් නැවත නැවත සිද්ධ වෙනවා.
"එක දවසක් අමීෂ මට කිව්වා වෙනසක් කරමු කියලා. මට එයා කියපු දේ තේරුණේ නෑ. එයා එදා රූම් යන්න වීල් එක අරන් එද්දි පිටිපස්සෙ තව අයියා කෙනෙක් හිටියා. එයා ඒ අයියව රූම් එක ඇතුළටත් එක්කරගෙන ආවා. මේක අපි අතරෙ විතරක් තියෙන රහසක් කියලා එයා පොරොන්දු වුණා. මට ඒ දේට එකඟ නොවී ඉන්න බැරි වුණා.
මොකද අමීෂ අයියා කිව්වා මම අකමැති වුණොත් අපි කසාද බඳින එක ගැන ආයෙ හිතන්න වෙයි කියලා. මට අමීෂ ඇර වෙන කෙනෙක්ව බඳින්න බැහැනෙ... ඒ නිසා මට ඒකට කැමති වෙන්න වුණා... එයා ටික දවසක් යනකොට ඒ වගේ එක එක අයව එක්කරගෙන එන්න පටන් ගත්තා.
සමහර දවස්වලට එයාලා එක එක දේවල් මගෙ ... ඇතුළට දානවා... මට ඇවිදගන්නත් බැරුව ගිය දවස් තිබ්බා. අමීෂ කිසිම අණක් ගුණක් නැති කෙනෙක්. ඒ හින්දා මට සම්බන්ධෙ නවත්තන්න බය හිතුණා. ඒලෙවල් ළං වෙද්දි මට වෛරස් උණක් හැදුණා. මට හොඳටම අමාරු වුණා. බෙහෙත් ගත්තට සනීප වුණේම නෑ.
එච්චර ලෙඩින් ඉද්දිත් උන් මට කරදර කළා. කොහොම හරි අන්තිමට මට සිහි නැති වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරන්න වුණා. උණ නිසා මගෙ ලේ බලන්න වුණා... ඊටපස්සෙ තව ටෙස්ට් ගොඩක් කලා... ඒ වතාවෙ තමයි දැනගත්තෙ මට HIV තියෙනවා කියලා... ඒක දැනගත්තට පස්සෙ අමීෂ එක්ක ආපු එයාගෙ යාලුවෝ එකතු වෙලා මට ඇසිඩ් ගැහුවා.
මගෙ උරහිස පිච්චිලා තුවාල වුණා. තුවාලෙ හොඳ වුණේම නෑ. මරණය පෙනි පෙනී මම ගොඩ ආවේ.... අන්තිමට බල්ලෙක්ට වගේ බැන වැන හරි වතුර ටිකක් දෙන්න ඉතුරු වුණේ අම්මා විතරයි. තාත්තා මාවයි අම්මවයි ගෙදරින් එලෙව්වෙ ඒක දැනගත්ත දවසෙමයි..."
සමාජ රෝග සායනවල 90%ක්ම එහෙම ඛේදවාචක...!
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |