පරිගණකයේ Virus හඳුනාගන්න හැටි.
පරිගණක වෛරස් ගැන ඔබ අහලා ඇති. පරිගණක වෛරසයක් කියන්නේ දත්ත සහ මෘදුකාංග වලට හානි සිදු කරන අනිෂ්ට මෘදුකාංග වර්ගයක්. එහෙමත් නැත්නම් පරිගණක වැඩසටහන් වලට ඇතුල් වෙලා ස්වයං පිටපත් වීමේ හැකියාවක් සතු ඇති පරිගණක වැඩසටහනක්.
මෙම වෛරස් පැතිරෙන ප්‍රධාන මාධ්‍ය වන්නේ internet. විශේෂයෙන්ම email වලට එවන ඇතැම් attach files හෝ වේවා වෙනත් links open කිරීමෙන්, pen, hard drive වගේ මාධ්‍යයන් මඟින් වෛරස් ඔබේ පරිගණකයට ඇතුල් වෙන්න සහ ව්‍යාප්ත වෙන්න පුළුවන්.
පරිගණක වෛරස් නිසා සිදු වෙන්න පුළුවන් දේවල් ]
- පරිගණකයේ save කර ඇති දත්ත සහ තොරතුරු විනාශ වීම.
- පරිගණකය slow වීම.
- සමහර අවස්තාවලදී පරිගණකයේ softwares වලට හානි වීම.
පරිගණකය තුළට වෛරස් ඇතුල් වී ඇති බව හඳුනාගන්නේ කොහොමද?
- පරිගණකයේ ක්‍රියාකරී වේගය අඩු වීම.
- පරිගණකය නිතර නිතර off වීම.
- පරිගණකය නිතර නිතර restart වීම.
- සමහර softwares ක්‍රියා කිරීමට අපහසු වීම සහ මෘදුකාංග වල ක්‍රියාකාරිත්වය අවුල් වීම.
- ඇතැම් softwares පරිගණකයෙන් ඉබේම ඉවත් වීම.
- files ඉබේම delete වීම.
- වැඩකට නැති files එකතුවීම.
- screen එකේ අසාමන්‍ය massages දිස්වීම.
- නව softwares install කිරීමට නොහැකි වීම.
- මෙනු අවස්ථා හා සංවාද කොටුවල පිළිවෙල අවුල් වීම.
- screen එකේ විවිද රූප හෝ අයිකන් දර්ශනය වීම.
- පරිගණකයෙන් විවිධ වූ ශබ්ද ඇතිවීම.
- පරිගණක dvd player එක ක්‍රියාත්මක නොවීම.
- පරිගණක dvd player නොකඩවා ක්‍රියාත්මක වීම.
- නිවැරදි ආකාරයෙන් print out ගැනීමට අපහසු වීම.
- පරිගණක disk වල ඉඩ තිබුනද නැති බව දර්ශනය වීම.
- පරිගණකය ක්‍රියාත්මක කිරීම සඳහා අසාමාන්‍ය කාලයක් වැය වීම.
වෛරස් ඉවත් කරන්නේ කොහොමද?
හොඳම ක්‍රමය ප්‍රතිවයිරස Updated කළ මෘදුකාංග භාවිතා කිරීම. ඒ, කියන්නේ Antivirus software එකක් පරිගණකයට දාගන්න ඕන.
Antivirus software කිහිපයක්
* Avast
* McAfee
* Sophos
* Panda
* AVG
* Kaspersky
* Avira
* Norton
වෛරස් වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද?
- Virus guard එකක් දාගන්න. කාලෙන් කාලෙට ඒක Update කරන්න.
- Firewall ක්‍රියාත්මකව තැබීම.
- Pop-up වෙළඳ දැන්වීම් click කිරීමෙන් වළකින්න.
- Email Attachments Scan කරන්න.
- නොදන්නා email open කිරීමෙන් වළකින්න.
- පරිගණක වැඩසටහන් ,මඟින් Download කළ Files Scan කරන්න. (Scan the Files That You Download Using File-sharing Programs)
- නොදන්නා web site වලට නොයාම.
- සාමන්‍ය භාවිතය සදහා administrator ගිණුමක් වෙනුවට user ගිණුමක් භාවිතා කිරීම.
- නිවැරදි ආකාරයෙන් backup ගොනු පවත්වාගෙන යාම.
- දත්ත ඇතුළු කිරීමට භාවිතා කරන ක්‍රම සුරක්ෂිතව සිදු කිරීම.
- නිතරම Genuine softwares ම පාවිච්චි කරන්න.
වෙනත් හානිකර program
Worms
ස්වයංක්‍රියව පිටපත් විය හැකි අතර support program එකක් නැතුව file එකක් ආකාරයට පැතිරිය හැකියි. පරිගණක ජාලවලදී මේවා ඉක්මනටම පැතිර යන අතර මෙයින් වඩාත් බරපතල හානි සිදු වෙන්න පුළුවන්.
Trojan Horse
ප්‍රයෝජනවත් program ලෙස දකින්න නොමැති වුවත් විනාශකාරී ක්‍රියාවන් සිදු කරයි.
Spyware
පරිගණකයේ තොරතුරු සහ පරිගණකය තුල සිදු කරන කාර්යන් පිටතට ලබාදෙයි.
Adware
අන්තර්ජාලය තුල සැරිසැරීමේදී විවිධ අනවශ්‍ය දැන්වීම් නොකඩවා පල කරයි.
Hijacker
පරිගණක ගත වූ දත්ත සහ තොරතුරු කොල්ල කයි
Dialer
මෙය බලපෑමක් වන්නේ මොඩම් භාවිතා කරන අයට. මේ නිසා අනපේක්ෂිත දුරකථන බිලක් ගෙවීමට සිදු වෙයි.
Logger
විවිද logger ඇති අතර ඒවායින් පෞද්ගලික තොරතුරු මංකොල්ලා කෑම සිදු කරයි.
Spam
අනවශ්‍ය email තම email ගිණුමට නොකඩවා පැමිණෙයි.
Antivirus software (Malware - Anti-malware)
* Virus - Antivirus
* Worms - Antivirus
* Trojan Horse - Antivirus
* Spyware - Antispyware
* Adware - Antiadware/Popup Blockers
* Hijacker - Antihijacker
* Dialer - Antidialer
* Logger - Antilogger
* Spam - Antispam