ආදම්ගේ පාලමෙන් පසු ඉදි වූ පළමු දුම්රිය සේවය ගැන ඔබ නොදත් තතු. (PHOTOS)
ආදම්ගේ පාලම නිසා අපිට පහසුවෙන්ම ඉන්දියාවට යන්න පුළුවන්කම තිබ්බා කියලා ඔයා අහලා තියෙනවා. හැබැයි මීට දශක 4කට 5කට උඩදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කෝච්චියෙන් යන්න පුළුවන්කම තිබ්බා කියලා අහලා නැහැ නේද? ඒ, ඉන්දියා-කලම්බු එක්ස්ප්‍රස් නමින් හැඳින්වුණු මුහුදු තැපැල් සේවාව.
බ්‍රිතාන්‍ය පාලන කාලයේදී ඉන්දියාව සහ ලංකාව අතර පහසුවෙන් ප්‍රවාහන කටයුතු සිදුකිරීම සඳහා ආරම්භ වුණා. එම සේවාව 80 දශකයේ මැද භාගයේ දී නැවැත්වීමට සිදුවුණේ උතුරුකරයේ කොටි ත්රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් වර්ධනය වීම නිසයි.
ඉන්දු-ලංකා මුහුදු තැපෑල ආරම්භ වූ හැටි
🚉 19 වන සියවසේ අගභාගය වන විට ලංකාව තුළ විශාල ලෙස තේ වගාව ව්‍යාප්ත වුණා බ්‍රිතාන්‍ය ආණ්ඩුව තේ වගාව මහා පරිමාණයෙන් ව්‍යාප්ත කළ අතර ඒවායේ වැඩ කරන්න ලාංකිකයන් කැමති වුණේ නැහැ. ඒ නිසා බ්‍රිතාන්‍යයන්ට දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වා ගැනීමට සිදුවුණා.
🚉 ඉන්දියාව සහ ලංකාව අතර ආසන්නතම මාර්ගය වැටී තිබෙන්නේ ධනුස්කොඩි හරහා. තලෙයිමන්නාරම සිට ධනුස්කොඩිවලට ඇත්තේ කි. මී. 32ක පමණ දුරක්. නමුත් ධනුස්කොඩි නගරයට ආසන්න පම්බන් දූපත එකල ඉන්දියාවට මාර්ග ඔස්සේ සම්බන්ධව තිබුණේ නැහැ.
🚉 ඒ නිසා එම ඉන්දියාවේ සිට ලංකාවට පැමිණීමට දුරින් වැඩි මාර්ගයක් භාවිතා කිරීමට සිදුවුණා. ද්‍රවිඩ කම්කරුවන් මදුරාසියේ සිට දුම්රියෙන් තූත්තුකුඩිය වෙත රැගෙනවිත්, එතැන් සිට දුම් බෝට්ටු මඟින් කොළඹට රැගෙන ආවා. තූත්තුකුඩියේ සිට කොළඹට කි.මී 270ක දුර ප්‍රමාණයක් තිබුණු නිසා ගමන සඳහා විශාල කාලයක් වැයවුණා. ඒ වගේම වැඩි මුදලක් වියදම් වුණා.
🚉 බ්‍රිතාන්‍ය ජාතිකයන් ඊට සොයාගත් හොඳම විසඳුම වුණේ තමිල්නාඩුවේ සිට පම්බන් දූපත හරහා තලෙයිමන්නාරම වෙත ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීම.
🚉 ඒ අනුව ඔවුන් තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයට අයත් මණ්ඩපම් නගරයේ සිට පම්බන් දූපත දක්වා මුහුද හරහා කි. මී. 2කට වැඩි දිගකින් යුත් දුම්රිය පාලමක් ඉදිකිරීමට සැලසුම් කළා.
🚉 1911 අගෝස්තු මාසයේ දී දුම්රිය පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වුණා.
🚉 ඉංජිනේරුවරුන්ගේ සහ එහි වැඩකර කම්කරුවන්ගේ උත්සාහයෙන් සහ කැපවීමෙන් ඉදිකළ දුම්රිය මාර්ගය 1914 පෙබරවාරි 24 වැනිදා කි. මී. 2.065ක දිගකින් යුත් පම්බන් මුහුදු දුම්රිය පාලම විවෘත කිරීමට හැකිවුණා.
🚉 එම දුම්රිය පාලම මඟින් තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ මණ්ඩපම් නගරයත් පම්බන් දූපතත්යා කෙරුණා. මේ දුම්රිය පාලම ඉන්දියාවේ පළමු මුහුදු පාලමයි.
🚉 1988 වසරේ දී මණ්ඩපම් සිට පම්බන් දූපත දක්වා පාලමක් ඉදිකරන තුරුම පම්බන් දූපත තමිල්නාඩුව සමඟ සම්බන්ධ වුණේ පම්බන් දුම්රිය පාලම මඟින් .
ඉන්දු-ලංකා මුහුදු තැපෑල ආරම්භය
🚉 පම්බන් දුම්රිය පාලමේ වැඩ කටයුතු සිදුවෙමින් පැවති අතරතුර, තලෙයි මන්නාරම සිට ධනුස්කොඩි දක්වා දුම් බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා පම්බන් දූපතේ කෙළවර තිබුණු ධනුස්කොඩි නගරයේ සහ තලෙයිමන්නාරමේ නාවික ජැටි 2ක් නිර්මාණය කෙරුණා.
🚉 පම්බන් මුහුදු පාලම විවෘත කළ දිනය වුණේ 1914 පෙබරවාරි 24 වැනිදා යි. එදා ඉන්දු-ලංකා මුහුදු තැපෑල ආරම්භ වුණා. එය “ඉන්දියා-කලම්බු එක්ස්ප්‍රස්” යන නමින් හඳුන්වනු ලැබුවා. මේ සේවාව මඟින් ඉන්දියාව සහ ලංකාව අතර භාණ්ඩ සහ මඟීන් ප්‍රවාහනය සිදුවුණා.
🚉 මදුරාසියේ එග්මෝර් දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 8ට පිටත් වුණු දුම්රිය පසුදින සවස 3ට පමණ වන විට ධනුස්කොඩි දුම්රිය ස්ථානයේ ජැටිය වෙත පැමිණියා.
🚉 දුම්රියෙන් පැමිණෙන මඟීන් සහ භාණ්ඩ ජැටියේ නවතා තිබෙන දුම් බෝට්ටු දෙකකට පැටවීම සිදුවුණා. සවස 4ට ධනුස්කොඩි ජැටියෙන් පිටත්වුණු දුම් බෝට්ටු පැය 3ක පමණ ගමනකින් පසුව සවස 7ට පමණ තලෙයිමන්නාරම වෙත ළඟා වුණා. එයින් පැමිණි මඟීන් සහ භාණ්ඩ රාත්‍රී තැපැල් දුම්රිය හරහා කොළඹ දක්වා රැගෙන යාම සිදුවුණා. ඉන්දියාව සහ ලංකාව අතර මෙම ප්‍රවාහන සේවය ඒ යුගයේ දී දිනපතාම ක්‍රියාත්මක වුණා.
මුහුදු තැපෑල නැවතුණු හැටි
🚉 1964 දෙසැම්බර් 18 වැනිදා දකුණු අන්දමන් දූපත් දෙසින් ආරම්භ වුණු සුළි සුළඟක් දෙසැම්බර් 19 වැනිදා වන විට පැයට කි. මී. 260ක පමණ වේගයකින් පම්බන් දූපත වෙත ළඟා වුණා.
🚉 “රාමේෂ්වරම් සුළිසුළඟ” නමින් ප්‍රසිද්ධියට පත්වුණු එම චණ්ඩ මාරුතය හේතුවෙන් මීටර 7ක පමණ උසකට ජල ප්‍රහාරයක් ධනුස්කොඩි නගරයට එල්ලවුණා. ධනුස්කොඩි නගරයත්, දුම්රිය මඟත් සම්පූර්ණයෙන්ම විනාශයට පත්වුණා.
🚉 ධනුස්කොඩි දුම්රිය ස්ථානයේ සිටි මඟීන් 150ක් පමණ සුළිසුළඟ නිසා මුහුදට ගසාගෙන ගිය බව වාර්තා වී තිබෙනවා.ධනුස්කොඩි දුම්රිය ස්ථානයේ නවතා තිබුණු දුම්රියක් ද 200ක පමණ මඟීන් පිරිසක් සමගින් විනාශ වුණා.
🚉 මේ හේතුවෙන් ඉන්දු-ලංකා මුහුදු තැපෑල වසර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ නැහැ.
🚉 එලෙස වසර කිහිපයක් පුරා නැවතී තිබුණු මුහුදු තැපෑල 70 දශකයේ මුල් භාගයේ දී යළි ආරම්භ වුණා. නමුත් එහි ගමන් මාර්ගය තරමක් වෙනස් වී තිබුණා.
🚉 අලුතින් ආරම්භ මුහුදු තැපැල් සේවාවේ දී, මදුරාසියේ සිට පැමිණි දුම්රිය පම්බන් දූපතේ ප්‍රධාන නගරය වුණු රාමේෂ්වරම් වෙත පැමිණියා. නමුත් රාමේෂ්වරම් නගරයේ සිට තලෙයි මන්නාරම දක්වා දුම් බෝට්ටුවලින් පැමිණීමට වැඩි කාලයක් ගතවුණා.
🚉 කෙසේ වෙතත් 1983 වසරේ දී ආරම්භ වූ ඊළාම් යුද්ධය හේතුවෙන් 1984/85 කාල සමයේ දී කොළඹ සිට කන්කසන්තුරය බලා ගමන් කළ යාල් දේවි දුම්රිය ත්රස්තවාදීන් විසින් කිහිප වරක් පුපුරුවා හැරියා. ඒ නිසා ඉන්දු-ලංකා මුහුදු තැපැල් සේවය ද ඉදිරියට පවත්වාගෙන යාම අවදානම් ක්‍රියාවක් බව බලධාරීන්ට තේරුණා.
- එහි ප්‍රතිඵලයක් වශයෙන් 1985 වසර වන විට ඉන්දු-ලංකා මුහුදු තැපැල් සේවාව අවසන් වුණා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |