ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන ඔබට තිබෙන මූලික අයිතිවාසිකම් ..

Human Rights Commission Of Sri Lanka Human Rights Council Sri Lanka Government Of Sri Lanka
By Subodha Jun 02, 2022 10:58 AM GMT
Subodha

Subodha

in රචනා
Report

නූතන ලෝකය තුළ අයිතිවාසිකම් යනු ඉතා වැදගත් සංකල්පයකි. හුදෙක් එය සංකල්පීය වශයෙන් පමණක් ම නොව, මානව පැවැත්ම ක්‍රියාකාරී වීමට අත්‍යවශ්‍ය ම කොන්දේසීන් වන බැවිනි. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී සෑම රාජ්‍යයක් තුල ම එම කොන්දේසිවල වැදගත්කම තේරුම් ගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවා අයිතිවාසිකම් පරිච්ඡේදයක් ඇතුළත් කොට තිබේ.

අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය, ප්‍රධාන වශයෙන් මානව අයිතිවාසිකම් හා මූලික අයිතිවාසිකම් යනුවෙන් හඳුන්වයි. එමෙන්ම අයිතිවාසිකම් දේශපාලන ආර්ථික සමාජ හා සංස්කෘතික වශයෙන් ද වර්ගීකරණයක් කරනු ලබයි. මෙහි දී අයිතිවාසිකම් යනු කුමක් ද? මූලික අයිතිවාසිකම් හා මානව අයිතිවාසිකම් යනු කුමක් ද? යන්න පිළිබඳව සරල ව අදහස් දැක්වීමක් සිදු කෙරේ. මෙම නිබන්ධනය මගින් සිදු කිරීමට අපේක්ෂා කරනු ලබන මුඛ්‍ය පරමාර්ථය වන්නේ මානව අයිතිවාසිකම් සන්දර්භය තුල ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් හා එහි ස්වභාවය පිළිබඳ විශ්ලේෂණාත්මකව හැදෑරීමකි.  

ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන ඔබට මෙරටදි තිබෙන මූලික අයිතිවාසිකම්

  •  සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස
  •  වධ හිංසාවලින් නිදහස
  •  සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම
  • අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් සහ දඬුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම
  •  භාෂණයේ නිදහස
  • සාමකාමීව රැස්වීමේ නිදහස
  • සමාගමයේ නිදහස
  •  වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැඳීමේ නිදහස
  • ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ, වැඩි දියුණු කිරීමේ සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහස
  •  නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහස
  • ශ‍්‍රී ලංකාව තුළ යාම් ඊම් නිදහස, අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස සහ ශ‍්‍රී ලංකාවට පෙරළා පැමිණීමේ නිදහස
  • තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
  • නීතීඥ සහය ලබා ගැනීමට ඇති අයිතිය
  • රාජ්‍ය අධ්‍යාපනය ලැබීමේ සහ වෙනත් රාජ්‍ය දේපළ පරිහරණයේ නිදහස 

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථා සහ ගත හැකි පියවර

අපි මෙතෙක් කතා කරපු ඕනෑම මූලික අයිතිවාසිකමක් විධායක හෝ පරිපාලන නිලධාරියෙක් මාර්ගයෙන්, වෙනත් රාජ්‍ය පොලිස් නිලධාරියෙක්, ඇමතිවරයෙක්, රාජ්‍ය නිලධාරියෙක්, රාජ්‍ය ආයතනයක් මාර්ගයෙන් උල්ලංඝනය වෙනවා නම් එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය තුළ නඩු පවරන්නට ඕනෑම පුරවැසියෙකුට නීතිමය නිදහස තිබෙනවා.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
join now