සාමයේ කුමරු ජේසුස් බිලිඳුන්ගේ උපත සිහිපත් කරන නත්තල් සැමරුම අදයි..

Christmas Christmas Eve Ethiopian Christmas
By Aruna Dec 25, 2023 02:29 AM GMT
Report

ලොවට සාමයේ පණිවුඩය රැගෙන සියලු මිනිස් වර්ගයා පාපක්‍ෂයෙන් මුදාගනු සඳහා මිනිස් වෙසින් ලොව පහළ වූ සාමයේ කුමරුවන් එනම් ජේසුස් බිලිඳුන්ගේ උපත සිහිකිරීම අද (25) දින ලොවපුරා සිදුකෙරේ.

ජාති, ආගම්, වර්ණ, පක්‍ෂ, බාල, තරුණ, මහලූ වශයෙන් කිසිදු භේදයකින් තොරව මහත් උත්සවශ‍්‍රීයෙන් මෙලෙව ජීවත්ව සිටිය හෝ දැනට ජීවත්ව සිටින කිසියම් අයෙකුගේ උපන් දිනයක් ලොව බහුතර ජනතාවක් විසින් සමරනු ලබන්නේ නම් ඒ ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ උපන් මංගල්‍යයයි.

සාමයේ කුමරු ජේසුස් බිලිඳුන්ගේ උපත සිහිපත් කරන නත්තල් සැමරුම අදයි.. | Christmas Festival 2023 12 25

සැබෑ නත්තල සමරමු තවද ඒ සමයෙහි අධිරාජ්‍යයේ සියලූ වැසියන්ගේ සංගණනයක් ගැනීමට අගෝස්තුස් අධිරාජ්‍යයා විසින් නියෝගයක් නිකුත් කළේය. මේ වනාහි කුරේනියස් සිරියාවේ ආණ්ඩුකාරයාව සිටියදී කරන ලද පළමුවැනි සංගණනයයි.

සියල්ලෝ ලියාපදිංචි වනු සඳහා තම තමන්ගේ නුවරවලට ගියහ.

ජෝසෙප් ද දාවිත්ගේ වංශය හා පෙළපතට අයිති වූයෙන් ගලීලයේ නාසරෙත් නුවරින් නික්ම ජුදයේ බෙත්ලෙහෙම නම් දාවිත්ගේ නුවර බලා ගියේය.

සාමයේ කුමරු ජේසුස් බිලිඳුන්ගේ උපත සිහිපත් කරන නත්තල් සැමරුම අදයි.. | Christmas Festival 2023 12 25

ඔහු ගියේ තමාට විවාහ ගිවිසුම දුන් ගැබ්ගෙන සිටි මරියතුමිය සමඟ ලියාපදිංචි වනු පිණිසය. තවද ඔවුන් එහි සිටියදී ඇගේ ප‍්‍රසව කාලය සම්පූර්ණ විය.

ඈ කුළුඳුල් පුත‍්‍රයා බිහිකොට රෙදිවලින් ඔතා තානායමෙහි ඉඩකඩ නොතිබුණු බැවින් ගව ඔරුවක තැබුවාය. (ශුද්ධ වූ ලූක්තුමාගේ සුවිශේෂය 2:1 – 7 දක්වා) (ශුද්ධ වූ මතෙව් සුවිශේෂය 1:18 – 25 දක්වා)ඒ පුවත් සුවිශේෂවල එලෙස දැක්වේ.

ලෝකවාසී බිලියන 7.87ක (කෝටි වශයෙන් ගත්කල කෝටි 790 කි) ජනතාවගෙන් බිලියන 2.38 ක් (කෝටි 238 ක්) ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේ විශ්වාසකරන, අනුගමනය කරන, අනුගමනය කිරීමට උත්සාය කරන ක‍්‍රිස්තු ලබ්ධිකයෝ වෙති.

සාමයේ කුමරු ජේසුස් බිලිඳුන්ගේ උපත සිහිපත් කරන නත්තල් සැමරුම අදයි.. | Christmas Festival 2023 12 25

ලෝක ජනගහනයෙන් බිලියන 1.91ක් (කෝටි 191 කි) ඉස්ලාම් බැතිමත්හු වෙති. ලොව පුරා හින්දුන් බිලියන 1.16 ක් (කෝටි 116 ක්) ජීවත් වෙති.

එලෙසම බෞද්ධ බැතිමත්හු මිලියන 506 ක් (කෝටි 50.6 ක්) බෞද්ධ දර්ශනය අනුගමනය කරති.

මෙලෙස ගත් කළ ලොව බහුතර පිරිසක් නත්තල සැමරීමට එක්වෙති.

නත්තල, නත්තල් ගස, ගවලෙන, නත්තල් සීයා වැඩිහිටියන් අතර පමණක් නොව සියලූ භේදයන්ගෙන් තොරව බාල හා දරුවන් අතර ද මහත් වූ සතුටක්, ප‍්‍රීතියක් ළඟාකර දෙන සමීප සංකේත හා චරිතය.

නත්තල් සමය කිතුනු ජනතා ජීවන ඇතුළාන්ත පරිවර්තයකට ඇරැයුම් කරන සමයකි.

කුමන ජීවන තත්ත්වයක් ගත කළ ද කුඩා පැල්පතේ සිට මහා මන්දිරයේ සිටින මිනිසුන් දක්වා තමන්ට දැරිය හැකි අයුරින් නත්තල් සමරති. වසරකට වරක් උදාවන නත්තලේදී හැකි අයුරින් හුණු තීන්ත ටිකක් ආලේප කරති.

දෙමාපියෝ තම දූ දරුවන්ට ඇඳුමක් පැළඳුමක් සූදානම් කරති.

සකල මිනිස් වර්ගයා පවින් මුදාගනු සඳහා කුරුසියේ සිය ජීවිතය පූජා කළ ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේගේ උපත සිහිකරන නත්තල සැබෑ පරිත්‍යාගශිලී සමයකි.

තමන්ට එරෙහි වූවන්ට, තමන්ට වින කළ වූවන්ට සමාව දෙන ලෙසත්, සියලූ වෛරයන්, අමනාපයන් ඉවතලන ලෙස කිතුනු ආගමික ඉගැන්වීම්වලින් අපට කියා දෙයි.

ඔබට ආහාර වැඩියෙන් තිබේ නම් එයින් කොටසක් කුසගින්නේ සිටින අයටත්, ඔබට ඇඳුම් (වස්ත‍්‍ර) දෙකක් තිබේ නම් ඉන් එකක් ඇඳුමක් නැති අයකුට දෙන්න…

යැයි ජේසුස් වහන්සේ අපට කියා ඇත. ‘‘මගෙ නත්තල දුගියා බත්කන දාය….

’’ කියා මැග්සේසේ සම්මානලාභී ප‍්‍රකට ගීත රචක, සංගීතඥ සහ ප‍්‍රවීණ කලාකරු මර්සලින් ජයකොඩි (නි. ම. නි.) පියනම සඳහන් කළ ප‍්‍රකට කියමනකි.

නත්තල උත්සවශ‍්‍රීයෙන් සැමරීම තුළ බාහිර ආටෝපයක් දිස්වුවද, සැබෑ ලෙසින් ඇතුළාන්තයෙන්, අධ්‍යාත්මික ලෙසින් අප තුළ යහපත් පරිවර්තනයක් සිදුවන්නේ නැතිනම් එය සැබෑ අරුත්බර නත්තලක් නොවනු ඇත.