ඇමෙරිකායි ඉන්දියාවයි බය කර ලංකාවේ නැංගුරම් දැමූ චීනයේ යුවාන් වෑන් 5 සැඟවුණු රහස්. (PHOTOS)

Sri Lanka United States of America India Yuan Wang 5
By Wayomi Sep 16, 2022 11:15 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ලෝකයම ආන්දෝලනයට ලක් කරමින් අගෝස්තු 16 හම්බන්තොට වරායට ඇතුල් වූ චීනයේ යුවාන් වෑන් 5 නැව ඔබට මතක ඇති. විශේෂයෙන්ම ඇමෙරිකායි ඉන්දියාවයි බය කරපු, ලංකාවේ නැංගුරම් දාපු චීනයේ යුවාන් වෑන් 5 සැඟවුණු රහස් ගැනයි මේ කියන්න යන්නේ. 

මුලින්ම බලමු හැමෝම මේකට බය වුණේ ඇයි කියලා.

? නාමික වශයෙන් මේ නෞකාව විද්‍යාත්මක පර්යේෂණය සඳහා යොදා ගැනෙන සිවිල් නෞකාවක් කියලා කිවුවට ඒක යුධමය ඔත්තු බලන වැඩ වලටත් යොදාගන්න පුළුවන් කියලා තමයි හැමෝම කිවුවේ.

? ලංකාව මේකට ඇතුල් වෙන්න ඉඩ දීලා තිබුණේ මෙරට මුහුදු සීමාවේ කිසිම පර්යේෂණ කටයුත්තකට නියැලෙන්නේ නැති බවට දුන්න වාචික පොරොන්දුවත් සමඟයි.

? ඔවුන් නම් කියන්නේ, නැවියන්ට අවශ්‍ය ආහාර, ජලය ලබාගන්නත්, ඉන්ධන පුරවා ගන්නත් හම්බන්තොට වරායට පැමිණි බවයි.

? කෙසේ නමුත් ඔවුන්ගේ වෙන්ත යටි අරමුණු තියෙන්නත් පුළුවන්.

? කොහොම වෙතත් හම්බන්තොට වරාය දැනටමත් 99 අවුුරුද්දක බද්ධක් යටතේ චීනයට හිමිකාරීත්වය තිබෙන තැනක්.

? ඒ නිසා නිල වශයෙන් බැලුවොත් මේක ලංකාවට අයත් මුහුදු තීරයක් උනත් අන්තර්ජාතිකව පිළිගත් සම්ප්‍රදායන් අනුව සිවිල් කටයුතු සඳහා එයට ළඟාවීමේ යම් අයිතියක් චීනයට තියෙනවා.


තුන්වන පරම්පරාවට අයත් යුවාන් වෑන් 5

? යුවාන් වෑන් 5 කියන්නේ යුවාන් වෑන් හි 3 වන පරම්පරාවයි.

? එනම්, යුවාන් වෑන් 1 සහ 2 කියන්නේ පළමු පරම්පරාවේ නෞකායි. ඒවා නිපදවනු ලැබුවේ 1977දීයි.

? දෙවෙනි පරම්පරාව විදිහට තමයි 1994 අවුරුද්දේදී යුවාන් වැන් 3 නෞකාව නිෂ්පාදනය කළේ.

? පස්සේ 1998 දි යුවාන් වැන් නෞකාවෙ අඩංගු දේවල්ම වෙනත් නෞකාවක් මත සවිකිරීමෙන් තමයි යුවාන් වැන් 4 නෞකාව නිර්මාණය කළේ.

? මුල් නැව් 4ම චීන නාවික හමුදා සේවයට එක්කර ගත්තා.

?පසුගිය දා මෙරට නැංගුරම් දැම්මේ 2007 දී නිපදවපු තුන්වෙනි පරම්පරාවේ යුවාන් වැන් 5 නෞකාවයි.

? මීටර් 222 ක් හා පළලින් මිටර් 22.5 ක් වෙන මේ නෞකාව විස්තෘත බර ටොන් 22000 ක් විතර වෙනවා.


යුවාන් වෑන් 5 සැඟවුණු රහස්

⛴️ මෙම නෞකාවෙ එක් විශේෂත්වයක් වෙන්නේ එකේ තියෙන විදුලිජනක පද්ධතියයි.

⛴️ මෙහි දැවැන්ත රේඩාර් පද්ධති 3 ඇතුළුව එහි භාවිත කටයුතු සඳහා යොදාගන්නා පද්ධතීන් සියල්ලම අතිශයින්ම ප්‍රභල ඒවා වෙනවා.

⛴️ ඒ නිසා මේවා පනගන්වන්න දැවැන්ත විදුලි බලාගාරයක් නැව ඇතුලේම නිර්මාණය කරලා තියෙනවා.

⛴️ එමඟින් නිවාස ලක්ෂ 3 කට විතර විදුලිය සපයන්න පුළුවන් හැකියාවක් ඒකට තියෙනවා කියලයි ආරංචි මාර්ග සඳහන් කළේ.

⛴️ ඒ කියන්නේ හරියට අනුමාන කරනවා නම් , මෙහි ප්‍රමිතියෙන් නව ලක්ෂපාන විදුලි බලාගාරය වගේ අපේ රටේ ප්‍රධාන විදුලිබලාගාරයකට සමාන විදුලියක් උත්පාදනය කරන්න පුළුවන්.

⛴️ ඔවුන්ට ඒ තරම් විදුලි ධාරිතාවක් අවශ්‍ය වන්නේ නෞකාවේ තියෙන ප්‍රධාන රේඩාර් පද්ධතිය බලගැන්වීමටයි.

⛴️ මේ ප්‍රධාන රේඩාර් එකට කිලෝමීටර් 750 වැඩි දුරක පවතින වස්තූන් හඳුනගන්න පුළුවන්.

⛴️ වස්තූන් සිය ගණනක් වුනත් එකපාර ට්‍රැක් කරන්න පුළුවන් කියලා ඉන්දියාව හා ඇමරිකානු ඔත්තු සේවා විසින් ඇස්තමේන්තු කරලා තියෙනවා.

⛴️ ඒ අනුව එම නෞකාවට එය වටා වර්ග කිලෝමිටර් මිලියන 1.7 කට වැඩි ප්‍රදේශයක් සෝදිසි කරලා බැලීමේ හැකියාවක් පවතිනවා. විශාලත්වය ගත්තොත් එක ලංකාව වගේ 27 ගුණයක්.

⛴️ යුවාන් වෑන් 5 නෞකාව නිල වශයෙන් චීනයේ සිවිල් අභ්‍යවකාශ කටයුතු වලදී නිරික්ෂණ කටයුතු හා ට්‍රැකින් කිරීම සඳහා සහය වෙන නෞකාවක්.

⛴️ පසුගියදා චීනය දියත්කරපු ලෝන්ග් මාර්ච් 5 රොකට්ටුව ඇතුළු චීනයේ සිවිල් චාරිකා දියත්කිරීම් වලදී ඒවායේ ගමන් මාර්ගය, වේලාව, පිහිටි ස්ථානය ඇතුළු වැදගත් දත්ත රැස් කිරීමට නිතරම යුවාන් වෑන් 5 නෞකාව යොදාගත්තා.

⛴️ ඒ සඳහා යොදාගත් තාක්ෂණය පහසුවෙන්ම ඉන්දියාව දියත්කරණ චන්ද්‍රිකා බැලස්ටික් මිසයිල ආදිය ගැන ඔත්තු බලන්න යොදා ගන්නට පුළුවන්.

⛴️ එහි වායුගෝලයේ රේඩාර් නිරික්ෂණ කටයුතුවලට අමතරව කිලෝමිටර් දහසක් විතර ඈත අහසේ පවතින චන්ද්‍රිකාවන් ගැනත් ඔත්තු බැලීමේ හැකියාවක් එම රේඩාර් පද්ධතියට ඇති බව සඳහන්.

⛴️ යුවාන් වෑන් 5 නෞකාව විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් විදිහට නම් කරලා තිබුණත් ඒක සතු පද්ධතීන් පහසුවෙන්ම යුධමය ඔත්තු බැලීමේ කටයුතු සඳහාත් යොදාගන්න පුළුවන්.

⛴️ උදාහරණයක් විදිහට තමන් ගමන් කරන සාගර කලාපයේ ලවණ මට්ටම, උෂ්ණත්ව වෙනස්වීම්, තරංග ප්‍රචාරණය ඇතුළු දත්ත රාශියක්ම එක්රැස් කිරීම සහ ඒවයින් දත්ත ගබඩා සෑදීම සිද්ධ කරනවා.

⛴️ ඒවා විවිධ සමුද්‍රීය පර්යේෂණ කටයුතුවල නියැලෙන විද්‍යාඥයන්ට අතිශයින්ම වැදගත් වෙන්නට පුළුවන්.

⛴️ කෙසේ වෙතත් මේ දත්ත අවශ්‍ය නම් චීන නාවික හමුදාවට උනත් තමන්ගේ මෙහෙයුම් සැලසුම් කිරීමට යොදාගන්න හැකියාවක් තියෙනවා.

⛴️ ඉන්දියාව අවට සාගර කලාපයේ මෙවැනි නිවැරදිම දත්ත චීනය අතට පත්වීම ඉන්දියාවට තර්ජනයක් වුණේ ඒකයි.

⛴️ මේ නැව තුළ දියුණු තොරතුරු රැස් කිරීමේ හා විශ්ලේෂනය කිරීමේ පද්ධතීන් නිසා එයට යුධ කටයුතු සඳහා අතිශයින්ම වැදගත් වියහැකි ඉලෙක්ට්‍රෝනික සහ සංඥා තොරතුරුත් ගණනාවක්ම එකලස් කිරීමේ හැකියාව පවතිනවා.

⛴️ උදාහරණයක් විදිහට හැම නෞකාවකටම, සබ්මැරීන් එකකටම එයටම සුවිශේෂී වූ හඩ සලකුණක් එහෙමත් නැත්නම් එකොස්ටික් සිග්නේචර් එකක් පවතිනවා. මේක හරියටම මිනිස් ඇඟෙන් නිකුත්වෙන ඉව අපටම සුවිශේෂී වූ එකක් වගේ. බල්ලෙක් වගේ සතෙක්ට ඒක යොදාගෙන මිනිස්සු සිය ගණනකින් උනත් උගේ ස්වාමියා හඳුනගන්න පුළුවන්.

⛴️ ඉන්දියානු යුද නෞකා, සබ්මැරීන, ගුවන්යානා වල මෙවැනි හඩ සලකුණු රැස් කිරීමෙන් හුදෙක් රේඩාර් සංඥා වලින් එහාට ගිහින් ඒවා හරියටම හඳුනාගැනීමේ හැකියාව ලැබෙනවා.

⛴️ යුවාන් වෑන් 5 නෞකාව සාගර ජීවීන් හඳුනාගැනීම වගේම විද්‍යාත්මක කටයුතු සඳහා මේ වගේ දත්ත රැස් කළ හැකි විවිධාකාර සංවේදක රාශියකින් දැනටමත් සමන්විත වෙනවා.- Certain facts were extracted -


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW


GalleryGalleryGallery