පිළිකා (Cancer) ඇති වීමට බලපාන හේතු.

Cancer World Health Organization Ministry of Health Sri Lanka Healthy Food Recipes
By Wayomi Aug 25, 2022 07:44 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

බෝ නොවන රෝග අතර මුලින්ම ඉන්නේ පිළිකාව. වයස් භේදයක් නැතිව ගොඩක් දෙනෙකුට හැදෙන්න පුළුවන් මාරාන්තික රෝගී තත්වයක්.පිළිකාවක් කියලා කියන්නේ පාලනයක් නැතුව අසාමාන්‍ය විදිහට බෙදීමට ලක් වුන සෛල ගොනුවකට (Malignant cells).

පිළිකා වර්ග වලට පොදු ලක්ෂණ

⚠️ අසාමාන්‍ය සෛල වර්ධනයක් සිදුවීම

⚠️ එම වර්ධනය අක්‍රමවත් ,පාලනයකින් තොරව සහ ස්වාධීන ආකාරයට සිදුවීම

⚠️ එසේ වර්ධනය වන අසාමාන්‍ය සෛලයෙන් අපේක්ෂිත කාර්යන් ඉටු නොවීම

⚠️ අවට ඇති නිරෝගී පටක ආක්‍රමණය කිරීම

⚠️ එම පිළිකා සෛල වසා හා රුධිර මාර්ගය මගින් ශරීරයේ අනෙකුත් දුරස්ථ ස්ථාන වලට පැතිරීමේ හැකියාව  


🟣 සාමාන්‍යයෙන් ශරීරයේ පිළිකාවක් "ගෙඩියක් " (tumour ) විදහට හෝ ලපයක් විදිහට මතුවෙන්න පුළුවන්.නමුත් ශරීරයේ හටගන්නා සෑම ගෙඩියක්ම පිළිකාවක් නෙවෙයි .

🟣 ගෙඩියක් යනු ශරීරයේ යම් තැනක ඇතිවන අස්වාභාවික සෛල වර්ධනයකි .

🟣 එය ශරීරයේ ඕනෑම තැනක හටගත හැකියි .

🟣 එලෙස හටගන්නා ගෙඩියක ඇති සෛල අවට ඇති පටක හා අවයවයන් ආක්‍රමණය නොකරන්නේ නම් ,එය වෙනත් රෝගී තත්වයක් විය හැකියි.

🟣 පිළිකා හෙවත් මාත්සරික අර්බුද(malignant tumour ) පටක ආක්‍රමණය කර වෙනත් දුරස්ථ ස්ථාන වලටද රුධිරය සහ වසා මාර්ගයෙන් ව්‍යාප්ත වෙනවා.


පිළිකා හැදෙන්න හේතු


මානසික ආතතිය


දුම්කොළ හා මත්පැන් භාවිතා කිරීම

🟢 දුම්වැටි වල පිළිකාජනක 40කට වඩා වැඩි ගණනක් අඩංගු බව ඔබ පිළිගන්නවාද?

🟢 දුම්වැටි වල අඩංගු හානිකරම රසායනික ද්‍රව්‍ය තමයි තාර(Tar) කියලා කියන්නේ.

🟢 දුම් පානය කරන අය ආකාර දෙකකට ඉන්නවා. ඒ තමයි සක්‍රීය දුම් පානය කරන්නන් හෙවත් ඇත්තටම දුම්වැටි පානය කරන අය සහ අක්‍රීය දුම් පානය කරන්නන් හෙවත් දුම්පානය කරන අය ලඟ සිටීම නිසා පිළිකාජනක ශරීරගත වෙන අය.

🟢 සක්‍රීය දුම්පානය කරන්නන්ට වඩා අක්‍රීය දුම්පානය කරන්නන්ගේ ශරීර තුළට පිලිකාජනක ඇතුල් වීමේ අවදානම 50 ගුණයකින් විතර වැඩියි.

🟢 දුම්පානය කරන්නන් අතර පෙණහළු පිළිකා සෑදීමේ වැඩි ප්‍රවණතාවක් දකින්න පුළුවන්.

🟢 ඒ වගේම තමයි උගුර ප්‍රදේශය ආශ්‍රිත පිළිකා, ගලනාලය, අග්න්‍යාශය, වකුගඩු, මුත්‍රාශය, හා ගැබ්ගෙල ආශ්‍රිත පිළිකා සෑදෙන්න පුළුවන්.

🟢 දුම්පානයට අමතරව මත්පැන් පානය කරන අයට මේ පිළිකා සෑදීමේ ප්‍රවණතාවය තවත් වැඩියි.

🟢 බුලත් විට සැපීම නිසාත් විශේෂයෙන්ම මේ මුඛ පිළිකා ඇති වෙන්න ලොකු අවදානමක් තියෙනවා. බුලත් එක්ක ගන්න පුවක්, දුම්කොළ, හුණු වගේ දේවල් වල පිලිකාජනක අඩංගු වෙනවා.


රසායනික ද්‍රව්‍ය භාවිතය

🟢 විවිධ රසායනික ද්‍රව්‍ය මගිනුත් පිළිකා ඇති වෙනවා කියලා විද්‍යාත්මකව සනාථ වෙලා තියෙනවා.

🟢 වහලය සෙවිලි කරන්න ගන්න ඇස්බැස්ටෝස් ප්‍රබල පිළිකාකාරකයක්.

🟢 ඇස්බැස්ටෝස් තහඩු වලින් වැටෙන කුඩු ශ්වසන මාර්ගය ඔස්සේ ශරීරගත පෙනහළු පිළිකා ඇති කරනවා.

🟢 සමහර කෘමිනාශක වල තියෙන ආසනික් (Arsanic) කියන රසායනික ද්‍රව්‍ය පෙණහළු හා සමේ පිළිකා

🟢 රබර් හා සම් කර්මාන්ත වලදී භාවිතා කරන බෙන්සීන් (Benzene) රසායනික ද්‍රව්‍ය ලියුකීමියා වර්ග ඇති වීම.


විවිධ ආහාර වර්ග භාවිතා කිරීම

🟢 අධික තෙල් සහිත ආහාර ගැනීම හා සත්ව මේද බහුලව අඩංගු ආහාර ගැනීම පියයුරු පිළිකා හා මහබඩවැල ආශ්‍රිත පිළිකා වලට හේතු වෙනවා.

🟢 ආහාර කල් තියා ගන්න, වර්ණ ගන්වන්න හා රසකාරකයන් විදිහට භාවිත කරන රසායනික ද්‍රව්‍ය

🟢 අධික තෙල්, සීනි, වර්ණක සහ රසකාරක අඩංගු ආහාර පිළිකා ඇති කරනවා.

🟢 විවිධ ආහාර වර්ග මත වැඩෙන ක්ෂුද්‍ර ජීවින් නිපදවන විෂ වර්ගද පිළිකාකාරක විදිහට ක්‍රියා කරනවා.

🟢 පිළිකා ඇති වෙන්න විවිධ පෝෂණ ද්‍රව්‍ය වල ඌනතා ද බලපානවා. (විටමින් A, C, E වගේ ප්‍රතිඔක්සිකාරක විටමින් වර්ග හා සින්ක් (Zinc), සෙලිනියම් (Selenium) වගේ ඛනිජ ලවණ )

🟢 එළවලු, පලතුරු හා පලාවර්ග අඩුවෙන් ආහාරයට ගන්න අයට මහාන්ත්‍ර පිළිකා සෑදීමේ අවදානම වැඩියි.


රැකියාවේදී පිළිකාකාරක වලට සිරුර නිරාවරණය වීම

🟢 සමහර රැකියාවල නිරත වෙන අයට යම් යම් පිළිකා වර්ග හැදීමේ ප්‍රවණතාවක් වැඩියි.

🟢මොකද ඒ ඒ රැකියා ආශ්‍රිතව විවිධ රසායනික ද්‍රව්‍ය වලට සිරුර නිරාවරණය වීම නිසා. ( කෘෂිකාර්මික කර්මාන්ත, පෙට්ට්‍රෝලියම් නිෂ්පාදන, සායම් වර්ග (Dye) ආශ්‍රිත කර්මාන්ත, රබර්, සම්, වායු වර්ග ආශ්‍රිත කර්මාන්ත)

🟢 විකිරණ ආශ්‍රිත රැකියාවල නිරත වෙන අයටත් පිළිකා සෑදීමේ ප්‍රවණතාවය වැඩියි. දිර්ඝකාලීනව විකිරණ වලට සිරුර නිරාවරණය වීම මඟින් සිරුරේ DNA වල වෙනස්කම් සිදු වෙලා පිළිකා ඇති වෙනවා.

🟢 එක්ස් කිරණ යන්ත්‍ර ක්‍රියාකරවන්නන් අධික විකිරණ මාත්‍රාවකට නිරාවරණය වීම


ජානමය සාධක

🟢 සමහර පිළිකා නම් පරම්පරාවෙන් පරම්පරාවට යන්න වැඩි නැඹුරුතාවක් දක්වනවා.

🟢ඒ පියයුරු පිළිකා, මහාන්ත්‍ර පිළිකා, ඩිම්බකෝෂ පිළිකා.

🟢 සමහර ප්‍රවේණිගත (පරම්පරාවෙන් පරම්පරාවට යන) සාධක යමෙක් තුළ පිළිකා ඇති වීම වළක්වනවා.

🟢 එක් එක් ජානගත රෝග තියෙන අයට සමහර පිළිකා වර්ග සෑදීමේ ඉඩකඩ වැඩියි.


විවිධ ඖෂධ භාවිතය

🟢 ඉක්මනින්ම ඇඟ හදා ගන්න කියලා එන්නත් කර ගන්න ස්ටරොයිඩ් නිසා ඔබව පහසුවෙන්ම පිළිකා වලට ගොදුරු වෙන්න පුළුවන්.

🟢 ස්ටරොයිඩ් (Steroids) ඛණ්ඩයට අයිති සමහර ඖෂධ ගත්තම පිළිකා හැදෙන්න පුළුවන් .

🟢 විවිධ අවයව බද්ධ කලාට පස්සේ රෝගීන්ට ස්ටරෝයිඩ ඖෂධ දීර්ඝ කාලීනව දෙන්න වෙනවා. ඒ වගේ අවස්ථාවලදී රෝගියාගේ ප්‍රතිශක්තිය හීන වීම නිසා ඔවුන් විවිධ පිළිකා වලට ගොදුරු වෙනවා.

🟢 සමහර පිළිකා වලට ප්‍රතිකාර විදිහට භාවිතා කරන පිළිකා නාශක නිසාත්, පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන්න භාවිත කරන විකිරණ ප්‍රතිකර්ම නිසාත් කලාතුරකින් වෙනත් පිළිකා වර්ග ඇති වෙනවා.


පරපෝෂිත හා ක්ෂූද්‍ර ජීවි ක්‍රියාකාරිත්වය

🟢 බැක්ටිරියා, වෛරස හා විවිධ පරපෝෂිතයන්ට මිනිසා තුල පිළිකා ඇති කරන්න පුළුවන්.

🟢 හෙපටයිටිස් (Hepatitis) B හා C ආසාදන තමයි අක්මාවේ පිළිකා ඇති කරනවා.

🟢 එප්ස්ටයින් බාර් (Epstein Bar) කියන වෛරසය මගින් ලිම්ෆෝමාව (Lymphoma) හා නාසය පිටුපස ප්‍රදේශය ආශ්‍රිතව හට ගන්න පිළිකාද තිබෙනවා.

🟢 මානව පැපිලෝමා වෛරසය (Human Papilloma Virus) කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකා, පුරුෂලිංගයේ පිළිකා හා ලිංගික ප්‍රදේශය ආශ්‍රිතව සමේ පිළිකා ඇති කරනවා. 🟢 සිස්ටසොමයිසීස් (Schistosomiasis) කියන පරපෝෂිතයා මුත්‍රාශයේ පිළිකා ඇති කරන්න දායක වෙනවා.


වෙනත් රෝගවල පසු කාලීන සංකුලතා

🟢 වෙනත් රෝග වල පසු කාලින සංකුලතා නිසා පිළිකා හැදෙන්න පුළුවන්.

🟢 ගැබ්ගෙල ප්‍රදේශයේ හට ගන්නා වෙනස්කම් කල්ගත වීමේදී පිළිකා බවට පත් වෙන්නවා.

🟢 ලිංගික ඉන්නන් හටගැනීම සඳහා හේතු වෙන මානව පැපිලෝම නමැති වෛරසය ගැබ්ගෙල පිළිකා සඳහාද හේතු වෙනවා.

🟢 මුත්‍රාශයේ ගල් බොහෝ කාලයක් තිස්සේ පැවතීම නිසා මුත්‍රාශයේ පිළිකා හට ගන්නවා.

🟢 කැඩුණු දත් හා නියමාකාරව සවි නොවන කෘතීම දත් ඇඳි ආදිය නිසා මුඛයේ ශ්ලේෂ්මල පටලය හා දිව නිරන්තරයෙන් උද්දීපනයට ලක් වීම නිසා මුඛයේ හා දිවේ පිළිකා ඇති වෙන්න පුළුවන්.

🟢 ගැස්ට්‍රියිටීස් නිසා ඇති වෙන ආමාශයික තුවාල කල් ගත වීමත් එක්ක පිළිකා බවට හැරෙන්න පුළුවන්.


තරබාරුකම හා ක්‍රියාශීලීභාවය අඩු විම

🟢 තරබාරුකම පිළිකා වගේම වෙනත් රෝග රැසකට හේතු වෙනවා.

🟢 තරබාරුකම හා ක්‍රියාශීලීභාවය අඩු විම නිසා පියයුරු, ඩිම්බ කෝෂ, ගර්භාෂ,මහාන්ත්‍ර,තෛරොයිඩ් ග්‍රන්ථි, ගලනාල, අග්න්‍යාශ, වකුගඩු හා පිත්තාශ පිළිකා ඇති වෙනවා.   

👨‍👨‍👧‍👧 ඉස්සර වගේ නෙවෙයි දැන් පිළිකා වලට ලොකු, පොඩි, දුප්පත්, පොහොසත් කියලා භේදයක් නෑ. ඒ නිසා පිළිකා හැදෙන්න බලපාන හේතු වලින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න උත්සහ කරන්න.

👨‍👨‍👧‍👧 ඒකාකාර ජීවන රටාවෙන් මිදිලා ක්‍රියාශීලිව වගේම සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවන්ට හුරුවෙලා ජීවිතය ලස්සනට විඳින්න. වෙනස්ම අත්දැකීම් ලබාගන්න.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW