නිතරම කෑමට ගන්න පිටි වර්ග වල ආයු කාලය මනින හැටි.
අපි හැමෝම වගේ පිටි කෑම වලට වැඩි නැඹුරුවක් දක්වනවා. සාමාන්‍යයෙන් නිවාඩු දවසට ගෙදරදී විවිධ පිටි කෑම වර්ග හදලා රස බලනවනේ. හැබැයි ඉතින් ඔය ගොඩක් ගෙවල් වල තියෙන්නේ මාස ගානකට කලින් ගෙනාපු පිටි තොග තමා.
ඒත් කෑම හදද්දී ඒ පිටි නරක් වෙලාද? නැද්ද? කියලා හොයලා බලනවද? නැහැ නේද? සමහරු නම් කිසිම හෙවිල්ලක් බැවිල්ලක් නෑ ගත්ත හැදුවා. ඉතින් අපි මේ බලන්න යන්නේ පිටි වල ආයු කාලය වෙනස් වන හැටි.
පිටි නරක වෙන්නේ මෙහෙමයි
? අපි නිතර භාවිතා කරන ගොඩක් පිටි වර්ග කාමර උෂ්ණත්වයේ වසරක් සහ ශීතකරණයේ වසරක් හෝ වසර දෙකක් තබා ගැනීමේ හැකියාව පවතිනවා.
? සුදු පාන් පිටි, සුදු කේක් පිටි, සුදු පේස්ට්‍රි පිටි සහ අනෙකුත් සුදු පිටි, පිෂ්ඨය මත පදනම් වූ අර්තාපල් සහ පිරිපහදු කළ මඤ්ඤොක්කා පිටි වගේ පිටි වර්ග ඒ අතරට ගැනෙනවා.
? නමුත් සම්පූර්ණ තිරිඟු පිටි එහෙමත් නැත්නම් පාන්පිටි,ඕට්ස් පිටි සහ ධාන්‍ය වලින් සැකසූ පිටි වර්ග වල ආයු කාලය අඩුයි.
? එහෙම වෙන්නේ, සම්පූර්ණ එම පිටි වල තන්තු හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් නිවුඩ්ඩ හා විෂබීජ (එනම් ඒවා පිරිපහදු කළ හෝ අඩු ලෙස සකස් කර ඇති) අඩංගු වීම නිසයි. ඒ හේතුවෙන් වේගයෙන් නරක් වීමට ලක් වෙනවා.
? ඒ නිසාම සම්පූර්ණ තිරිඟු පිටි වල ආයු කාලය කාමර උෂ්ණත්වයේ දී මාස තුනක් දක්වා ද ශීතකරණයේ වසරක් දක්වාත් තියාගන්න පුළුවන්.
? ආමන්ඩ් සහ පොල් පිටි වැනි අධික මේද සහිත පිටි වල ආයු කාලය කුමක් වේවිද
? ඒ වගේම ආමන්ඩ් සහ පොල් පිටි වැනි අධික මේද සහිත පිටි වලින් සාදන ආහාර සියල්ලම පිෂ්ඨය අඩංගු ආහාර වලට වඩා ඉක්මනින් නරක් වෙනවා. එයට හේතුව මේද පිටි වල අඩංගු මේදයයි.
? ආමන්ඩ් සහ පොල් පිටි කල් තබාගත හැක්කේ, කාමර උෂ්ණත්වයේ මාස තුනක් සහ ශීතකරණයේ මාස හයක පමණක් බව සඳහන්.
පිටි නරක් වෙලා කියලා දැනගන්නේ මෙහෙමයි.
? පළමුව පිටි පැකැට්ටුව මත මුද්‍රා කල ඇති කල් ඉකුත්වීමේ දිනය පිරික්සන්න.
? ඔබ පිටි බදුනක ගබඩා කරන්නේ නම් කවරය ඉවත් කිරීමට පෙර මෙම කල් ඉකුත්වීමේ දිනය එම බදුනේ ලේබල් කරන්න.
? මීට අමතරව පිටි වල ගන්ධය පරීක්ෂා කිරීමෙන් එය නරක් වී ඇති දැයි බලන්න පුළුවන්.
? ඒ වගේම පිටිවලට කිසිදු ගද සුවඳක් නොතිබිය යුතු වෙනවා.
? පිටි නරක් වු විට අමුතු ගන්ධයකින් යුක්තයි. මෙම ගන්ධය සාමාන්‍යයෙන් තරමක් සියුම් වුවත්, ඔබට එය දැනිය යුතුයි.
සැ. යු. - නරක් වූ පිටි වලින් සැකසූ ආහාර ගැනීමෙන් බොහෝවිට ආසාදන, අසාත්මිකතා ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත ගැටළු ඇති විය හැකිය.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |