රසිකයන් නොසිතූ ලෙස Black Pink විසුරුවා හරියි? සංගීත ලොව කළඹවමින් එළියට ආ අලුත්ම පුවත - (PHOTOS)

North Korea South Korea
By Sewvandhi Nov 21, 2023 01:38 PM GMT
Report

Yonhap පුවත්පත වාර්තා කරන්නේ, K-pop සංගීත කණ්ඩායම වන Blackpink නව කණ්ඩායම් කොන්ත්‍රාත්තුවක් පිළිබඳ සාකච්ඡා කිරීමේ අවසන් අදියරේ සිටින බවයි.

නමුත්, Blackpink සාමාජිකයන්ගේ පුද්ගලික කළමනාකරණ කොන්ත්‍රාත්තු අලුත් කිරීම තරමක් අපැහැදිලි බවයි, නිර්ණාමික මූලාශ්‍ර උපුටා දක්වමින් Yonhap පවසන්නේ.

YG Entertainment සමග Blackpinkගේ කොන්ත්‍රාත්තුව අගෝස්තු මාසයේදී කල් ඉකුත් වූ දා සිට රසිකයින් ඔවුන්ගේ මීළග පියවර කුමක්දැයි දැනගැනීමට නොඉවසිල්ලෙන් පසුවනවා.

වාර්තා වන්නේ, Blackpink සාමාජිකයින් හතරදෙනා Jisoo, Lisa, Jennie සහ Rosé ඔවුන්ගේ ගිවිසුම්වල තත්ත්වය පිළිබඳව නිහඬව සිටින බවයි.

කොන්ත්‍රාත් සාකච්ඡා සම්බන්ධයෙන් කොරියානු මාධ්‍යවල විවිධ වූ පුවත් සති ගණනාවක් තිස්සේ පළවන මේ නිසා Black Pink කණ්ඩායම වෙන්විය හැකි බවට රසිකයන් කනස්සල්ලට පත්වී සිටිනවා.

කෙසේ වෙතත් සමහර කොරියානු මාධ්‍ය සඳහන් කර තිබුණේ, ඔවුන්ගේ පෞද්ගලික කොන්ත්‍රාත්තු කුමක් වුවත් සිව් දෙනාට Blackpink ලෙස එක්වීමේ හැකියාවද පවතින බවයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, ලොව වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇති කාන්තා K – Pop කණ්ඩායමක් වන Black Pink කණ්ඩායමේ අනාගතය කුමක්දැයි දැනගැනීමට රසිකයන් නොඉවසිල්ලෙන් සිටින බවයි.

GalleryGalleryGalleryGallery