කළු පෙට්ටිය කියන තරම්ම කළුද?

By Wayomi Aug 03, 2022 05:31 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කළු පෙට්ටිය කියපු ගමන් මතක් වෙන්නේ ගුවන් යානා අනතුරක්නේ. කළු පෙට්ටිය නැත්තම් black box කියන්නේ ගුවන් යානයක් අනතුරට පත් හේතුව හොයාගන්න උදව් වෙනවා. ඇත්තටම මේකෙන් කරන්නේ ගුවන් ගමනක සියලුම දත්ත රැස් කිරීම.

ඇත්තටම මේ කළු පෙට්ටිය කළුද?

🛩️ නැහැ, නම කළු පෙට්ටිය වුණාට එය තැඹිලි වර්ණයෙන් යුතුයි. ගෝලයක හැඩයකින් යුක්ත මෙය, බ්ලැක් බොක්ස් යන්න පට බැදුණු නමක්. මෙය දීප්තිමත් ගිනි ප්‍රතිරෝධක (Fire Resistant) තැඹිලි පැහැයකින් වර්ණ ගන්වන්නේ අනතුරකින් පසුව පහසුවෙන් සොයා ගැනීමට හැකි වීමටයි.

🛩️ ගුවන්යානයක් අනතුරට පත් වූ පසුව එහි පටිගත වූ දේ අනාවරණය කර ගැනීමට යොදාගන්නවා

🛩️ ඒ , අනුව ගුවන් යානයේ එංජින් පරාමිතීන්, ගමන් කරන උස, වේගය, දිශානතිය,

🛩️ එංජින් වලින් නැගෙන ශබ්දය, ගුවන් යානයේ රෝද පහලට, ඉහලට එසවීම් වැනි ශබ්ද පවා මෙහි රෙකෝඩ් වෙනවා

🛩️ ඉතාමත් රළු පාරිසරික තත්වයන් වලදී හානි නොවෙන්න තමයි මෙය නිර්මාණය කර තිබෙන්නේ

🛩️ ඒ වගේම ගුවන්යානා අනතුරක් සිදු වූ පසු කළු පෙට්ටියේ ආයු කාලය සක්‍රිය වී තිබෙන්නේ දින 30ක් පමණයි

🛩️ මෙය සොයාගැනීමට නොහැකි වූ විට ඒ සඳහා රේඩාර් ක්‍රමවේදයක් අනුගමනය කරනවා.  



ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW


Gallery