බයිසිකල් පැදීම නිසා ඔබට ලැබෙන වාසි ගැන ඔබ දැනුවත්ද...?

World Health Organization Ministry of Health Sri Lanka Government Of Sri Lanka
By Subodha Jul 06, 2022 08:39 AM GMT
Subodha

Subodha

in රචනා
Report

මේ දිනවල කරලියට පැමිණෙන බයිසිකල් පැදීම කලක් ඉතාමත් ජනප්‍රියව තිබුණු රටක් වූ ශ්‍රී ලංකාව 1980-1990 දශක වලදී බයිසිකල් පැදීමෙන් කෙමෙන් ඈත් වුනා. ලාබ මෝටර් සයිකල් වල ආගමනයත් සමගම බයිසිකල් පැදීම නගරබදින් විතරක් නෙමෙයි ගම්බදින්ද කෙමෙන් අතුරුදහන් වුනා. අද ගමක වුනත් බයිසිකලයක් පදින්නේ කිහිප දෙනෙක් පමණයි. බයිසිකල් වල මිල විශාල ලෙස වැඩිවීමත්, එමෙන්ම තත්වයෙන් ඉතා පහත්, නිතරම කැඩෙන ඉන්දියානු හා චීන සයිකල් මීට හේතු වන්නට ඇත.

බයිසිකලය දුප්පතාගේ වාහනය ලෙස අදහසක් සමාජය තුල මුල් බැසගැනීමද තවත් විශාල හේතුවක් වන්නට ඇත. බොහෝ දෙනෙකු දුප්පතාගේ වාහනය විකුණාදමා මෝටර් සයිකලයක් මිළදීගෙන යමක් කමක් ඇති අයගේ ගොඩට එකතුවන්නට උත්සහ කලා වන්නට පුලුවන්. නමුත් බයිසිකල් පැදීම ලෝකය පුරාම ජනප්‍රිය ව්‍යායාමයක්. එමෙන්ම වැඩිවෙමින් පවතින පරිසර දූෂණයට යම් ආකාරයක හරිතමය විසඳුමක් ලෙසද බයිසිකල් පැදීම සළකනවා. ඉතා හොඳ ව්‍යායාමයක් මෙන්ම වඩාත්ම පිරිමැසුම් දායක ප්‍රවාහණ ක්‍රමයක් නිසා ලොව පුරාම බයිසිකල් පැදීමට උනන්දු කිරීමේ ව්‍යාපාර දැන් කලක සිට ක්‍රියාත්මක වනවා.

ඒ වගේම මේ වන විට ලංකාව මුහුණ දි සිටින සමාජ ආර්ථික තත්ත්වය හමුවේ රටේ පවතින ඉන්ධන හිගය ඉන්ධන මිල ඉහල යාම ආදිය හමුවේ දැන් දැන් බොහෝ දෙනෙකු පා පැදියෙන් නිතර නිතර ගමන් බිමන් යාමට තම රැකියාවට යාමට මෙන්න එදිනෙදා ගමන් බිමන් සදහා බයිසිකලය යොදාගෙන ඇත. කෙසේ වෙතත් බයිසිකල් පැදීම මගින් සෞඛ්‍යට ඇති වන වාසි නම් බොහෝමයක් ඇත.   

1. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වැඩිදියුණු කිරීම

2. ප්‍රමාණවත් කැලරි දහනය කරන ව්‍යායාමයක් සිදු විම.

3. ආතතිය අඩු කිරීමයි.

4. හෘද වාහිනී සහ පාදයේ මාංශ පේශි ශක්තිය වැඩි දියුණු කිරීම

5. නින්ද වැඩි දියුණු කිරීමට ඔබට උදව් කරයි

6. මොළයේ ශක්තිය වැඩි කරන්න

7. හෘද රෝග අවධානම අඩු විම.

8. දෙවන වර්ගයේ දියවැඩියාව හට ගැනීම අඩු විම.

9. අධි රුධිර පීඩනය හා තරබාරුකම වැනි අවදානම බෙහෙවින් අඩු වීම.

10. පිළිකාවට එරෙහිව සටන් කළ හැකි බව

11. ආතති ප්‍රතිරෝධය වැඩි කළ හැක.

යන වාසි පමණක් නොව තවත් බොහෝ වාසි බයිසිකල් පැදීම මගින් අත් කරගත හැකි බව විද්වත් මතයයි.

දෛනිකව පාපැදියෙන් ගමන් ගන්නා පුද්ගලයන් කුමන හෝ සෞඛ්‍ය හේතුවකින් මිය යෑමේ අවදානම 41% කින් අඩු වී තිබේ. එමෙන්ම පිළිකා වැළඳීමේ හැකියාව 45% කින්ද හෘද රෝග 46% කින් ද අඩු වී ඇති බව අධ්‍යයන වාර්තා පෙන්වා දෙයි. පාපැදි භාවිත කරන්නන් සතියකට සාමාන්‍ය වශයෙන් සැතපුම් 30 ක් පාපැදියෙන් ගමන් කරන අතර ගමන් කරන දුර වැඩිවන තරමට ඉන් ලැබෙන සෞඛ්‍ය වාසි ද ඉහළ යයි. 

ලන්ඩන් නගරය, මුලු මහත් බ්‍රිතාන්‍යයේම සයිකල් හිතකර නගරය බවට පත්කිරීමේ විශාල ව්‍යායාමයක් ලන්ඩන් ප්‍රවාහන අධිකාරිය මගින් ක්‍රියාත්මක කර තිබෙනවා. සයිකල් පදින්නන් හට මාර්ගවල වෙනම මංතීරු ලකුණු කිරීම, සයිකල් පදින්නන්ට අනෙකුත් වාහනවල ගැටීම නිසා සිදුවන අණතුරු අවම කිරීමේ ව්‍යාපෘති, සයිකල් ආරක්ශිතව නවතා තැබිය හැකි (සොරකම් අවම වන ) ස්ථාන ස්ථාපනය කිරීම, ලන්ඩන්වල ව්‍යාපාර සිය සේවකයින් රැකියාවට සයිකලයෙන් පැමිණීම උනන්දුකිරීම සඳහා ව්‍යාපෘති මේ අතරින් ප්‍රධානයි. එපමණක් නොව, ලන්ඩන් නගර සභාව London Cycle Hire Scheme යනුවෙන් හඳුන්වන පැය 24 පුරාම ක්‍රියාත්මකවන, ඉතා අඩු මිලකට සයිකලයක් කුලියට දීමේ වැඩසටනක් 2010 සිට ක්‍රියාත්මක කරනවා.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now