ව්‍යාපාර සැලැස්මකට ඇතුළත් විය යුතු මූලික කොටස්.

Sri Lanka Businessman
By Wayomi Jul 06, 2022 07:24 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කලින් අපි කතා කළා මතක ඇති business එකක් පටන් ගන්න කලින් ඒකට plan එකක්, එහෙමත් නැත්නම් ව්‍යාපාර සැලැස්මක් අත්‍යවශ්‍ය බව. ඉතින් අද කියන්න යන්නේ මේ ව්‍යාපාර සැලැස්මට ඇතුළත් විය යුතු මූලික කොටස් මොනවද කියලා.    

01. විධායක සාරාංශය (Executive Summary)

ව්‍යාපාර සැලැස්මේ ඉදිරිපත් කර ඇති සමස්ත තොරතුරු පිළිබඳ සාරාංශයයි. සැලැස්මේ සියලුම කොටස් සකස් කර අවසාන කිරීමෙන් පසු විධායක සාරංශය සකස් කරයි. එමඟින් සමස්ත සැලැස්ම පිළිබඳ අවබෝධයක් අනෙක් අයට ලබාගත හැකියි. සැලැස්ම තවදුරටත් කියවන්නේ ද නැද්ද යන්න බොහෝ විට තීරණය වන්නේ විධායක සාරාංශය මතයි.

1.1 විධායක සාරාංශය මගින් සිදු කරනුයේ,

🟣 සමස්ත ව්‍යාපාර සැලැස්ම පිලිබඳව පෙර දැක්මක් ඇති කිරීම

🟣 ව්‍යාපාර සැලැස්ම පිලිබඳව මඟ පෙන්වීමක් ලබාදීම.

🟣 ව්‍යාපාර සැලැස්ම පිළිබඳව විශ්වාසයක් ඇති කිරීම.   

1.2 විධායක සාරාංශය ලිවීමේදී ඇතුළත් විය යුතු කරුණු

🟣 සැලැස්මේ සෙසු කොටස්වල වැදගත්ම කරුණු ඉස්මතු වන සේ සකස් කළ යුතුයි.

🟣 විධායක සාරාංශය ලිවීමට පෙර සැලැස්මෙහි අනිකුත් සියලු කොටස් ලියා අවසන් කළ යුතුයි.

🟣 කියවන්නා ආකර්ෂණය වන ආකාරයට භාෂාව හැසිරවිය යුතුයි.

🟣 හැකිතරම් කෙටියෙන් ඉදිරිපත් කළ යුතු අතර සරල විය යුතුයි.

🟣 ව්‍යාපාර සංකල්පය විස්තර විය යුතුයි.  


02. ව්‍යාපාර විස්තරය / සමාගම් සාරාංශය (Business description / company summary)

මෙය ව්‍යාපාරයේ ස්වභාවය එනම්, ව්‍යාපාරය කුමක්ද යන්න හා ව්‍යාපාරය සපයනු ලබන භාණ්ඩය හෝ සේවාව පිළිබඳ විස්තර, එමගින් ගනුදෙනුකරුවන්ට ලැබෙන ප්‍රතිලාභ, ව්‍යාපාරයේ සුවිශේෂිත්වය විස්තර කෙරෙන කොටසයි.

2.1 එහි වැදගත්කම

🟤 ව්‍යාපාරයේ අරමුණු, ව්‍යාපරයේ ස්වභාවය හා ව්‍යාපාර ව්‍යුහය, පිහිටා ඇති ස්ථානය, සංවිධාන ක්‍රමය, හිමිකරුවන් යනාදිය පිළිබඳ මූලික අවබෝධයක් ලබාගත හැකියි.

2.2 අඩංගු විය යුතු තොරතුරු

🟤 ව්‍යාපාරයේ නම ලිපිනය, ඊ මේල් ලිපිනය, වෙඩ් අඩවිය

🟤 ව්‍යාපාරයේ හිමිකාරීත්වය, අයිතිකරු (ආදීකාර්තෘ) හවුල්කරුවන් අධ්‍යක්‍ෂ මණ්ඩලය පිළිබඳ විස්තර

🟤 ව්‍යාපාරයේ ස්වභාවය / සපයන භාන්ඩ හා සේවා / ක්‍ෂේත්‍රය

🟤 ව්‍යාපාරයේ ව්‍යුහය / සංවිධාන ව්‍යුහය

🟤 ව්‍යාපාරයේ සංවිධාන ක්‍රමය

🟤 ව්‍යාපාරයේ මෙහෙවර ප්‍රකාශය

🟤 ව්‍යාපාරයේ අරමුණු හා පරමාර්ථ

🟤 ව්‍යාපාරයේ පිහිටීම හා ස්ථානීය පහසුකම්

🟤 ව්‍යාපාරයේ ඉතිහාසය හා වර්තමාන තත්ත්වය

🟤 දැනට පවතින ව්‍යාපාරයක් නම් එම තත්ත්වයට පත් වූ ආකාරය පිළිබඳව සංක්ක්‍ෂිප්තයක් සහ ව්‍යාපාරය පසුකළ වැදගත් සංධිස්ථාන (ඉතිහාසය, වර්තමානය, හා අනාගත ගමන් මඟ)

🟤 සාර්ථකත්වයට හේතු

🟤 ආරම්භ කිරීමේ සාරාංශය / ආරම්භක මූලය තත්ත්වය 


03. මෙහෙයුම් සැලැස්ම (Operational Plan)

මෙය අපේක්‍ෂිත භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කිරීමට අදාල තොරතුරු ඇසුරින් සකස් කරන සැලැස්මයි.

3.1 මෙහෙයුම් සැලැස්මක වැදගත්කම්

🟢 ඉදිරි මෙහෙයුම් කටයුතු පිළිබඳ කල් තබා අවබෝධයක් ලබාගත හැකිවීම

🟢 නිෂ්පාදන කාර්යේදී ඇතිවන අපතේ යාම්, ප්‍රමාද වීම් අවම කරගත හැකිවීම

🟢 නිෂ්පාදිතයේ ගුණත්වය ඉහළ නංවා ගත හැකිවීම

🟢 නිෂ්පාදන ක්‍රියාවලිය අඛන්ඩව පවත්වා ගෙන යා හැකිවීම

🟢 ආයතනයේ ඵලදායිතාව වර්ධනයකළ හැකිවිම

🟢 නිෂ්පාදනය වේගවත් කළ හැකිවීම 

3.2 මෙහෙයුම් සැලැස්මේ අන්තර්ගත කරුණු

🟢 කර්මාන්ත ශාලාව ස්ථානගත කිරීම

🟢 නිෂ්පාදන ක්‍රියාවලිය

🟢 යන්ත්‍රෝපකරණ / ස්ථාවර වත්කම් අවශ්‍යතා

🟢 අමුද්‍රව්‍ය අවශ්‍යතාව හා තොග පාලනය

🟢 නිෂ්පාදන සේවක අවශ්‍යතාව

🟢 වාර්ෂික නිෂ්පාදන පොදු කාර්යය පිරිවැය

🟢 මුළු නිෂ්පාදන පිරිවැය හා ඒකක පිරිවැය

🟢 නිෂ්පාදන පිරියත

🟢 යොදා ගන්නා තාක්‍ෂණය

🟢 බලපත්‍ර ලබා ගන්නා ආකාරය

🟢 ජාතික හා අන්තර්ජාතික ප්‍රමිති ලබා ගන්නා ආකාරය හා තත්ත්ව පාලනය

🟢 අපද්‍රව්‍ය බැහැර කිරීම හා පාරිසරක බලපෑම්   


04. අලෙවිකරණ සැලැස්ම (Marketing plan)

අලෙවි කිරීමට අපේක්‍ෂිත නිෂ්පාදිතය පිලිබඳව කරන ලද සමීක්‍ෂණයේ තොරතුරු ඇසුරින් සකස් කරන සැලැස්මයි.

4.1 අලෙවිකරණ සැලැස්මක වැදගත්කම

🟠 නිෂ්පාදිතය සඳහා ප්‍රමාණවත් හාවර්ධනය වන වෙලෙඳ පොලවල් ඇති බව පෙන්වා දීම

🟠 වෙළෙඳ පොළේ තරඟකාරීත්වයට මුහුණ දිය හැකි බව පෙන්වා දීම

🟠 දැරිය හැකි මිලගණන් නියම කර ඇති බව පෙන් වීම

🟠 බෙදහැරීමේ ක්‍රමවල ඵලදායීතාව පෙන්නුම්කිරීම

🟠 ගනුදෙනුකරුවන් ලබා ගන්නේ කේසේ ද යන්න පෙන්වා දීම

🟠 සුවිශේෂී වෙළෙඳ පොළ ඛණ්ඩනවල ප්‍රතිලාභ පෙන්නුම් කිරිම 

4.2 අලෙවිකරණ සැලැස්ම තුළ ඇතුළත් කළ යුතු කරුණු. 

🟠 ඉලක්ක වෙළෙඳ පොළ / වෙළෙඳ පොලෙහි ස්වභාවය

🟠 යෝජිත අලෙවිකරණ උපාය මාර්ග

🟠 කර්මාන්තය හා වෙලඳ පොල විශ්ලේෂණය

🟠 නිෂ්පාදිතය / භාණ්ඩය හෝ සේවාව පිළිබඳ විස්තරය

🟠 අපේක්‍ෂිත / ඉලක්කගත අලෙවිය

🟠 තරඟකාරීත්වය විශ්ලේෂණය

🟠 තරඟකරුවන්ගේ අලෙවිකරණ උපායමාර්ගය

🟠 වාර්ෂික විකුණුම් පුරෝකථනය

🟠 අපේක්‍ෂිත අලෙවි වියදම


05. මානව සම්පත් සැලැස්ම (කලමණාකරන සැලැස්ම) (Human Resource / Management plan)

ඉලක්ක හා පරමාර්ථ ඉටු කරගැනීම පිණිස අනාගත මානව සම්පත් අවශ්‍යතා නිශ්චය කිරීමත්, එහි අවශ්‍යතා ඉටුකර ගන්නා ආකාරයත් ඇතුළත් කෙරෙන කොටස මානව සම්පත් සැලැස්මයි.

5.1 මෙහි අඩංගු විය යුතු කරුණු

🔵 සේවක අවශ්‍යතා

අවශ්‍ය සේවකයින් සංඛ්‍යාව, වර්ග යනාදී තොරතුරු දැක්වේ.

🔵 ප්‍රධාන කළමනාකරුවන් පිළිබඳව

ප්‍රධාන කළමනාකරුවන්ගේ කවුරුන්ද, ඔවුන්ගේ සුදුසුකම්,පළපුරුද්ද, ඔවුන්ගේ ශක්තීන් පිළිබඳ විස්තර දැක්වේ.

🔵 සේවකයින් බඳවා ගන්නා ආකාරය

බාහිර, අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම හා පවුලේ ශ්‍රම දායකත්වය පිළිබඳව

🔵 සංවිධාන ව්‍යුහය හා සංවිධාන සටහන

ව්‍යාපාරයේ විවිධ අංශ, තනතුරු, බලතල, බෙදී ඇති ආකාරය මෙන්ම එය රූප සටහනක් මගින් ඉදිරිපත් කිරීම.

🔵 සංවිධාන ව්‍යුහයේ මූලික තනතුරු හා වගකීම්

ආයතනයේ විවිධ කාර්යයන්ට අදාළව නිර්මාණය කර ඇති තනතුරු සහ එම තනතුරුවලට අදාළ වගකිම් ද පැහැදිලිව දැක්වීමයි.

🔵 මානව සම්පත් සඳහා වාර්ෂික වියදම

මානව සම්පත් වෙනුවෙන් දැරීමට අපේක්‍ෂිත වාර්ෂික මුළු ශ්‍රම වියදම සහ එය සෘජු හා වක්‍ර වියදම් වශයෙන් වෙන් කර හඳුනා ගැනීමයි. එයට ආයතනයේ සමස්ත කලමනාකරණ වියදම්ද ඇතුළත් කෙරේ.  


06. මූල්‍ය සැලැස්ම (Financial Plan)

ව්‍යාපාරය ආරම්භ කිරීමට අර මුදල් සපයා ගන්නා ආකාරයත් (මූල්‍ය සම්පාදන මාර්ග) අරමුදල් යොදවන ආකාරයත් (ආයෝජන මාර්ග) ඇතුළත්කර සකස් කරන සැලැස්මයි.

6.1 මූල්‍ය සැලැස්මක් සකස් කිරීමෙන් අත්වන ප්‍රතිලාභ

🔴 ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය නිගමනය කිරීමට හා සම්පාදනය කිරීමට

🔴 ව්‍යාපාරයේ අරමුදල් ආයෝජනය කිරීම පිළිබඳ තීරණ ගැනීමට

🔴 මුදල් ඌනතාවක් ඇති විය හැකි කාලය හඳුනාගෙන එයට පිළියම් යෙදීමට

🔴 මුදල් අතිරික්තයක් ඇතිවන කාලය හඳුනා ගෙන ඒ මුදල් ඵලදායී කටයුතුවලට යෙදවීමට

🔴 කාරක ප්‍රාග්ධනය පාලනයට

🔴 සමස්ත මූල්‍ය පිරිවැය පාලනයට 


6.2 ව්‍යාපාර සැලැස්මක අවශ්‍යයෙන්ම ඇතුලත්විය යුතු මූල්‍ය ප්‍රකාශන ලෙස

🔴 ඇස්තමේන්තු ගත කරන ලද විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය / වෙළෙඳ හා ලාභාලාභ ගිණුම

🔴 ඇස්තමේන්තුගත මූල්‍ය තත්ත්වය ප්‍රකාශනය / ශේෂ පත්‍රය

🔴 ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහ ප්‍රකාශනය  

6.3 මුල්‍ය සැලැස්ම තුළින් අනාවරණය වන වැදගත් තොරතුරු 

🔴 වැදගත් උපකල්පනයන්

🔴 අරමුදල් සම්පාදන මාර්ග

🔴 ඇස්තමේන්තුගත ව්‍යාපෘති පිරිවැය / අරමුදල් ආයෝජන මාර්ග

🔴 පුරෝකතනය කළ වීස්තීර්ණ ආදායම් ප්‍රකාශය

🔴 පුරෝකථනය කළ මුදල් ප්‍රවාහ ප්‍රකාශය

🔴 පුරෝකථනය කළ මූල්‍ය තත්ත්ව වාර්තාව

🔴 ණය ආපසු ගෙවීමේ සටහන

🔴 ව්‍යාපෘති සාරාංශය

🔴 මූල්‍ය වාර්තා විශ්ලේෂණය

🔴 සමච්ඡේද ලක්‍ෂ්‍යය ගණනය කිරීම 


* ව්‍යාපාරයක සැලැස්මේ අඩංගු අලෙවි, මෙහෙයුම්, මානව සම්පත් සැළසුම් වලට ඇතුලත් විය යුතු කරුණු

💠 කර්මාන්ත හා වෙලෙඳ පොල විශ්ලේෂණය

💠 ස්ථාවර වත්කම් අවශ්‍යතාව

💠 නිෂ්පාදිතය

💠 සංවිධාන ව්‍යුහයේ මූලික තනතුරු හා වගකීම්

💠 අපද්‍රව්‍ය බැහැර කිරීම හා පාරිසරික බලපෑම්

💠 ව්‍යවසායකයින්, හවුල්කරුවන් පිළිබඳ විස්තර  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW