කාලා විසික් කරන ලෙල්ලේ විශ්මිත ගුණ.
ඔබේ වගාවන්ට අවශ්‍ය ස්වාභවික පොහොර හදාගන්න කලින් අපි කියලා දුන්නා. අදත් කියන්න යන්නේ හරිම පහසුවෙන් ඔබට හදාගන්න පුළුවන් දියර පොහොරක් ගැනයි. මේක කෘමි උවදුරු වලටත් හොඳ විසඳුමක්.
කෙසෙල් පොත්තෙන් ගන්න පුළුවන් වැඩක් ගැනයි මේ කියන්න යන්නේ. කෙසෙල් කියන්නේ ඉතාමත් ගුණදායක පළතුරක්. කෙසෙල් පොත්ත අපි නොකෑවට ඒකත් ඉතාමත් ගුණදායකයි. කෙසෙල් පොත්ත විටමින්, පෝෂණ සංඝටක සහ ප්‍රතිඔක්සිකාරකවලින් යුක්තයි. ඒ වගේම ෆයිබර්වලින් ද පොහොසත්. අපි කෙසෙල් පොතු ආහාරයට ගැනීමේදී අළු කෙසෙල් පොතු විතරයි ආහාරයට ගන්නේ. හැබැයි අනෙක් කෙසෙල් ලෙලි රූපලාවණ්‍ය කටයුතු සඳහාත්, අත්බෙහෙතක් ලෙසත් යොදාගන්නවා.
ඉතින් කෙසෙල් ගෙඩිය කාලා ලෙල්ල විසි කරන්නේ නැතුව දියර පොහොර හදාගන්න පුළුවන්. මේ කියන්න යන්නේ ඒ ගැනයි. කෙසෙල් ලෙලි වල නයිට්රජන්, පොස්පරස් සහ පොටෑසියම් මෙන්ම ක්ෂුද්‍ර පෝෂක රැසක් අඩංගු වන අතර, ඒවා පැළෑටි සහ පලතුරු වගාවට බීජ ප්‍රරෝහරණයට ගොඩක් වැදගත්.
පියවරෙන් පියවර
🍌 හොඳින්ම ඉදුනු කෙසෙල් ලෙලි කුඩා කැබලිවලට කපාගන්න.
🍌 වීදුරු බෝතලයකට අසුරා ගන්න
🍌 කටමට්ටමට ජලය පුරවන්න ඉන්පසු රෙදිකඩකින් කට වසා රබර්බෑන්ඩ් එකක් දමාගන්න.
🍌 සතියක් පමණ හොල්ලන්නේ නැතිව තබන්න, බැක්ටීරියා විසින් කෙසෙල් ලෙල්ලේ පෝෂණය ජලයට මුසු කරනු ඇති.
🍌 හොඳින්ම පරීක්ෂාකාරී වන්න සතියක් යනවිට ජලය අදුරු වී නම් ඔබ සාර්ථකයි. නමුත් කලුපාට වීනම් විසිකරන්න අසාර්ථකයි. නැවත උත්සාහ කරන්න.
🍌 සතියකට පසු සියල්ල බ්ලෙන්ඩෙර් කර ඔබේ වගාවෙ පසට කෙලින්ම යොදන්න පුළුවන්.
* මීට අමතරව බිත්තර කටු ,විනාකිරි,මැග්නීසියම් සල්පේට් වැනි දේ සමඟද කෙසෙල් ලෙලි දියර පොහොර හදන්න පුළුවන්.