වැඩි දෙනෙක් යොදන බඳුන් තවාන් රැක ගන්නේ කොහොමද?

Ministry of Agriculture
By Wayomi Jul 10, 2022 12:10 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

සමාන්‍යයෙන් අපි වගාවන් සිදු කිරීමේදී පැල තවාන් දානවා. ඒ උපරිම අස්වැන්නක් ලබා ගැනීම සඳහා නිරෝගී ශක්තිමත් හා හා සරු භාවයෙන් යුත් පැල ලබාගැනීමට. ඉතින් මෙලෙස නිරෝගිමත් පැල ලබාගැනීමට ක්‍ෂේත්‍ර තවාන් පාත්ති, කුට්ටි තවාන් සහ බඳුන් කළ පැල ලෙස යොදාගත හැකි තවාන් වර්ග කිහිපයක්ම තියෙනවා.නමුත් වැඩිදෙනෙක් භාවිතා කරන බඳුන් තවාන් ගැනයි මේ කතා කරන්න කරන්න හදන්නේ.  ??

ගත යුතු පස් ප්‍රමාණයන්

? මතුපිට පස් කොටස් 1

? කාබනික පොහොර කොටස් 1

? වැලි ( මතුපිට පසේ වැලි වැඩිනම් අඩුවෙන්ද , මතුපිට පසේ වැලි අඩු නම් වැඩියෙන්ද යොදන්න)

? දහයියා අඟුරු කොටස් 1

(මේ සඳහා යොදාගන්න පස් ජීවානුහරණය කර ගන්නවා නම් ඒ වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් .)  


බඳුන් සැකසීම

? 10cm ක් පළල හා 10cm ක් උස පොලිතීන් බඳුන්

? ජල වාහනයට බඳුනෙන් පතුලේ කුඩා සිදුරු4,8ක් දාගන්න.

? බඳුන් වලට පස් පුරවන අවස්ථාවේදී පස් මිශ්‍රණය එකට නොඇලී ලිහිල්ව තබා ගැනීමට තෙතමනය අඩුවෙන් තිබිය යුතුයි.  


බඳුන් වලන බීජ සිටුවීම හා ආරක්ෂා කර ගැනීම  

? බඳුන් තුළ 1/2 - 1cm ක් පමණ ගැඹුරට සිදුරු 2, 3ක් සාදා ඒ තුළට බීජ දමා බඳුනේ අඩංගු මිශ්‍රණයෙන් වසා ජලය යොදන්න .

? බීජ පැලවෙන තුරු වසුන් යෙදීම අත්‍යවශ්‍ය වෙනවා.

වසුන් යෙදීම යොදාගත හැකි දේවල්

? 2cm - 3cm ක් පමණ ඝන වූ පිදුරු තට්ටුවක් .

? සෙවන දැල්

? තෙත ගෝනි

? වසුන් දමනවා කියන්නේ තවාන බඳුන් වලට ඉහළින් හෙවනක් සැපයීමයි. ( පහත ඡායාරූප වලින් එය හොඳින් වටහා ගත හැකියි) 

? කුඩා පැළ පසෙන් ඉහළට මතු වූ විගස වසුන ඉවත් කරන්න.

? නැත්නම් පුළුවන් බඳුන් වලට ඉහළින් පැත්ත විවෘත වන සේ අර්ධ කවාකාර පොලිතින් ආවරණයක් හෝ පොල් අතු තිබීමෙන් අහිතකර තත්ත්වයන්ගෙන් පැල් ආරක්ෂා කර ගත හැකියි.


තවාන් ජීවාණුහරණය කිරීම

තවාන් ජීවානුහරනය කරන්නේ බීජ, පැළ පාංශු රෝග කාරකයින් මගින් ඇතිවිය හැකි රෝග ආසාදනය වැළැක්වීම සඳහායි.

තවාන් ජීවානුහරණය කරන ක්‍රම 

- පිලිස්සීම

- සූර්යාලෝකයට නිරාවණය කිරීම

- රසායනික ද්‍රව්‍ය යෙදීම ( පහත ඡායාරූප වලින් එය හොඳින් වටහා ගත හැකියි) 



ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW



GalleryGalleryGalleryGallery