ඔබත් බබාව නළවන්නේ මේ විදිහටද? එහෙනම් බබාගේ ජීවිතය අවදානමේ.
චූටි බබාලව බලාගන්න එක හිතන තරම් ලේසි නැහැ. සැරෙන්සැරේ එයාලා කිරි හොයනවා..බඩගිනි වුණාම, නිදිමත වුණාම අම්මා ඇරෙන්න වෙන කෙනෙක්ට නළවන එක ලේසි නැහැ.
🤱 ගොඩක් වෙලාවට චූටි දරුවන් නළවනකොට ඔබ දණහිස් මත තබාගෙන නළවනවා. එහෙමත් නැත්නම් අතේ තියාගෙන දෙපැත්තට නළවනවා. ඒ විදිහට ඔබ බබාව නළවද්දී, හිස ඉහළට හා පහළට වේගයෙන් සෙලවීමේදී හෝ කොට්ටයක් මත තබා උරහිස් දෙක දෙපැත්තෙන් අල්ලා වේගයෙන් සොලවද්දී හෝ බබාගේ මොළය වේගයෙක් ඔළු කට්ට ඇතුලේ එහාට මෙහාට පැද්දෙන බව දන්නවද?
🤱 බබාලගේ හිස් කබල හා මොළය අතර වන අවකාශය එහෙමත් නැත්නම් ඒ අතර ඇති හිස් ඉඩ වැඩිවීම නිසායි එහෙම වෙන්නේ.
🤱 මොළයේ මුල් කොටසේ තමයි බබාලාගේ හුස්ම ගැනීම හා හෘද ස්පන්දනය පාලනය කරනු ලබන ස්නායු පිහිටා තිබෙන්නේ.
🤱 මෙවැනි අවස්ථා වලදී හිස වේගයෙන් ඉහළ පහළ යාම නිසා මොළයේ මුල සිට හෘදය වස්තුවට රුධිරය ගෙන යන නහර ඇකිළීම හා දිගහැරීම සිදු වෙනවා.
🤱 එමඟින් හුස්ම ගැනීමේ වේගය අඩු වෙනවා.
🤱 නමුත් භයානකම දේ තමයි හුස්ම ගැනීමේ වේගය අඩුවීම නිසා මොළයට අවශ්‍ය රුධිර සැපයුම අඩු වීමයි. ඒ නිසා මොළයට අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් සැපයුමද අඩුයි.
🤱 අවසානයේ බබාගේ මොළයේ වෙහෙසකර ගතියක් ඇති වෙලා. ඉක්මනින් නින්ද යනවා.
🤱 හැමදාම දිගින් දිගටම මේ විදිහට බබාව සොලවද්දී ස්නායු තෙරපීම්වලින් හා කුඩා රුධිර වාහිනී පුපුරායාම සිදු වෙන්න පුළුවන්.ඒ අනුව මොළයේ කුඩා ලේකැටි සෑදීමත්, ස්නායු සෛල සහ මොළයේ සෛල වල දුර්වල වීමත් නිසාත් බබාගේ සාමාන්‍ය හැසිරීම් රටාව අනවශ්‍ය ලෙස වෙනස් වීමකට ද ලක් විය හැකියි.
🤱 සාමාන්‍යයෙන් තරමක් දඟකාර ගතියක් පෙන්වන මෙවැනි කුඩා දරුවන්, ඉතාමත් ඉක්මනින් වඩාත් දඟකාර හෝ හිතුවක්කාර ගති පෙන්වීමටත්, උදාසීන ගති ඇති වීම දකින්න ලැබෙනවා.
🤱 ඇත්තම එය අසාමාන්‍ය තත්වයක්.
🤱 ඒ වගේම හිස වේගයෙන් ඉහළට පහළට සෙලවීම නිසා හිස් කබල හා මොළය අතර සම්බන්ධ වී තිබෙන රුධිර නාළිකා පුපුරායාමටද ඉඩ තිබෙනවා.
🤱 ඇස්වලට සම්බන්ධ රුධිර නාළිකාවලටද එලෙසම බලපෑම ඇති වී දරුවාගේ ඇස්පෙනීමේ දුර්වලතා ඇති විය හැකියි.
🤱 ගොඩක් වෙලාවට බෙල්ලේ හිස කොටසින් චූටි බබාලව අල්ලාගැනීම සිදු කරනවා.
🤱 එයට හේතුව නම්, අවුරුද්දකට වඩා අඩු කුඩා බබෙකුගේ හිස සිරුරේ සාමාන්‍ය පිහිටිමට වඩා තරමක් විශාලයි. එමෙන්ම බබාගේ බෙල්ලේ ඇති මාංශ පේශින් ඉතාමත් දුර්වලයි. ඒ නිසා බබාට හිස කඳ මත කෙළින් තබා ගැනීමේ හැකියවක් නැහැ.
🤱 නමුත් මෙවැනි අවස්ථාවල බොහෝ විට කන්දෙකට ඉහළින් මෙසේ අල්ලාගෙන දරුවාගේ හිස ඉහළට සහ පහළට සෙලවීම සිදු කරනවා.
🤱 එලෙස වේගයෙන් අල්ලා සොලවමින් නිදි කරවීමට උත්සාහ දැරීමේදී, දරුවාගේ මොළයට තවදුරටත් හානි සිදු වන බව මතක තබාගන්න.
🤱 ඊට අමතරව සමහර අවස්ථාවලදී කුඩා දරුවන්ගේ උරහිස්වලින් තදින් අල්ලා සෙලවීම සිදුකරන අතර එහිදීද හිස වේගයෙන් ඉදිරියට හා පසු පසට චලනය වීම නිසා මොළයේ ඉදිරිපස හා පසු පසද, මොළයේ කඳටද තුවාල සිදු වෙන්න පුළුවන්.
🤱 මේ නිසා බබාලා නැළවීමේදී අම්මා ඇතුළු අනෙක් වැඩිහිටියන්ද මේ සම්බන්ධව දැනුවත් කිරීම බබාගේ ජීවිත ආරක්ෂාවට වැදගත්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |