අපේ පැරැන්නන්ගේ පුරාණ යකඩ නිස්සාරණය තාක්ෂණය…

Sri Lanka
By Subodha Aug 15, 2022 06:09 AM GMT
Subodha

Subodha

in රචනා
Report

ලාංකීය පැරැන්නන් ඉතා දක්ෂ සුරු විරුකම් වලින් සමත් වු අය බව මුළු මහත් ලෝකයටම හොදාකාරවම දන්නා කරුණකි. ඒ දස්කම් අතරින් පුරාණ අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොදින් දැන සිටියහ. යකඩ වැඩ කල කම්මල්කරුවන් එකල සමාජයේ වැදගත් සේවාවක් සිදු කර ඇත. එදිනෙදා ගොවිතැන් කටයුතු වලට අවශ්‍ය කැත්ත, උදැල්ල, නගුල, දෑකැත්ත වැනි උපකරණ ද, දුන්න, ඊතලය, කඩු, කිනිසි ද යකඩ භාවිත කරමින් නිපදවා ඇත.

අපේ රටේ යකඩ නිස්සාරණය තාක්ෂණය දිගු ඉතිහාසකට උරුමකම් කියයි. ඒ පිළිබඳව මෙලෙස කරුණු දැක්විය හැක. ලංකාවේ යකඩ නිස්සාරණය කිරීමේ පැරණි තාක්ෂණය කෙබදු දැයි වටහා ගැනීමට ඉවහල් වන ප්‍රධාන අවස්ථා දෙකක් තිබේ . එයින් පළමු වැන්න සබරගමු පළාතට අයත් බලංගොඩ සමනළ වැව ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උදුන් ය.දෙවැන්න මධ්‍යම පළාතට අයත් සීගිරියට නුදුරු අලකොළ වැව දෙහිගහ ඇළකන්ද නම් ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උදුන් ය.

අතීතයේ සුළං උපයෝගී කරගෙන මෙම යකඩ කර්මාන්තය සිදු කර ඇති අතර මෙම සම්ප්‍රදායික ක්‍රමය අනුව වසරකට යකඩ ටොන් 4000 ක් පමණ නිපදවන්නට ඇති බව ඒ පිලිබඳ තතු දත්තෝ පවසති. ස්වභාවික පරිසරයේ පවතින යකඩ බහුල ගල් වලින් යකඩ ලෝහය වෙන් කර ගැනීමට නම් ඒවා අධික උෂ්ණත්වයට රත් කල යුතුය. යකඩ උණුවන්නෙ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1538දීය. මෙලෙස අධික උෂ්ණත්වයක් ලබා ගැනීමට නම් ඉතාම වටිනා විශාල තාක්ෂණයක් තිබීම අවශ්‍යය.

සමනල වැව යකඩ නිස්සාරණය කර තිබෙන්නෙ ක්‍රි .පු. තෙවන සියවසේ දීය. ඒ සදහා යොදාගෙන තිබෙන උදුන් දැල්වීමට භාවිතා කර ඇත්තේ ස්වභාවික සුළං බලයයි. කදු මුහුණතක ඉදි කර තිබෙන මෙම උදුන් කදු අතරින් හමා එන සුළං මගින් පැය 12කට ආසන්න වෙලාවක් නොනිවී දැල්වේ. මෙම ස්ථානයේ තිබ් යකඩ නිෂ්පාදනයට යොදාගත් උඳුන් තුනක් හා යබොර හා වළංකටු සොයාගෙන ඇත. අදටත් වසරේ මෝසම් සුළං කාලයට සවස් යාමයේ එම ප්‍රදේශය හරහා හමන සුළං පසුදා පහන් වන තුරු අඛණ්ඩව හමා යයි.

යකඩ සහිත ස්වභාවික ගල් කැබලි කොටා මැටියෙන් සකස් කල උදුන්වලට දමා ඒ මත අගුරු ද එක්කොට සවස් කාලයේ ගිනි දැල්වීමෙන් පසු ස්වභාවික සුළං බලයෙන් පසු දින අලුයම තෙක් ඇවිලී ඉන් යකඩ ඉවත් වේ. සමනල වැව යකඩ නිස්සාරණය කිරීමට භාවිතා කර තිබෙන්නේ ලිමොනයිට් හා හෙමටයිට් යන රසායන විද්‍යාත්මකව හදුන්වන ගල් වර්ගයයි. මෙම උදුන් දැල්වීමට යොදා ගෙන ඇත්තේ මරං නමින් හදුන්වන ගස් පුලුස්සා ලබා ගන්නා අගුරුය. අදත් ඒ පළාතේ මෙම ගස් වැවී තිබේ. මෙම ගස් වර්ග හැදින්වීමට "යකඩමරං" යන වචනයද භාවිතා කරයි.

දෙහිගහ ඇළකන්ද ප්‍රදේශයේ යකඩ නිස්සාරණය කර ඇත්තේ ක්‍රි.පූ 180 - ක්‍රි.ව 200 පමණ කාලයේ දී පමණ ය. ඒ අනුව ඉතා ඈත කාලයක සිට මෙරට යකඩ නිස්සාරණය තාක්ෂණය පිළිබඳව සාධක හමුවේ දෙහිගහ ඇළකන්ද ප්‍රදේශයේ යකඩ උදුන් දැල්වීමට අවශ්‍ය සුළං බලය ලබාගෙන ඇත්තේ මයිනහමක ආධාරයෙනි. මේ අනුව පැහැදිලි වන්නේ යකඩ නිස්සාරණය තාක්ෂණය ඉතා විද්‍යාත්මක පදනමක් මත සිදු වු බවයි.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery