බුදුන්ගේ තවත් ධාතුන් වහන්සේලා තැන්පත්.. - ලොව විශාලතම ස්තූපය වන ජේතවන දා ගැබේ පිපිරීමක්. - (PHOTOS)

Anuradhapura Buddhism
By Wayomi Mar 18, 2024 04:18 AM GMT
Report

බුදුරජාණන් වහන්සේගේ "පටි ධාතුව" තැන්පත් කර ඇති ගඩොලින් තනන ලද ලොව විශාලතම ස්තූපය ලෙස සැලකෙන අනුරාධපුර ජේතවනාරාම ස්ථූපයේ හතරැස් කොටුවේ සිට පහලට සතර දෙසට පිපිරීම් දක්නට ලැබෙන බව වාර්තා වී තිබෙනවා.

ඒ, අනුව ඊට පුරාවිද්‍යා හා විද්වත් සෘජු මැදිහත්වීමක් ලබාදී තාවකාලික පැලැස්තර විසඳුම් ලබා නොදී ස්ථිරසාර විසඳුමක් ලබා දීමට ජනාධිපතිවරයා හෝ මැදිහත් වන ලෙසට ජනතාව ඉල්ලීමක් කරනවා.

උසින් අඩි 400ක් වන ජේතවනාරාමය මහසෙන් රජ දවස ක්‍රිස්තු වර්ෂ හතරවන සියවසේ දී ඉදිකර ඇති අතර සංස්කෘතික අරමුදල 1982 වසරේ ආරම්භ කරන ලද්දේ ද ජේතවනය කේන්ද්‍ර කරගනිමින්.

එමෙන්ම මේ ස්ථූපය ලෝක උරුම ස්ථාන අතරින් සුවිශේෂී ස්ථානයක් හිමිකර ගන්නා අතර මේ සම්බන්ධව සතිපතා නිරන්තර සොයා බැලීම් සහ පිළියම් කරමින් අවශ්‍ය සියලු කටයුතු සිදු කරන බවත්, මෙවැනි පිපිරීම් සාමාන්‍යයෙන් සෑම ස්තූපයකම දැකිය හැකි බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා පවසා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙහි ඇති පිපිරිමි සම්බන්ධව විද්වත් කණ්ඩායමක් සහ ඉංජිනේරුවරුන් පිළියම් සිදු කරන බව ද සඳහන්.  


GalleryGallery