අසාමාන්‍ය ලෙස වාතය පිටවීම නිසා ඔබත් අපහසුතාවයට පත් වෙනවද?
වාත පිටවීම ඕනෑම කෙනෙකුට සිදු වෙන්න පුළුවන් දෙයක්නේ. හැබැයි වයස් භේදයකින් තොරව නොකිවුවට ගොඩක් දෙනෙක්ට තියෙන මානසික වදයක් තමයි ඔබවත් නොහිතන වෙලාවට, පොදු තැන්වලදී, සමාජය ඉදිරියේ පාලනයකින් තොරව වාත පිටවීම. මේකත් සෑම කෙනෙකුටම සිදුවන සාමාන්‍ය සිද්ධියක්.
වාතය පිටවීම
🤷🏻♂️ වාත ශරීරයෙන් පිටවීමේදී අධෝමාර්ගය හ මාර්ගය හා මුඛ මාර්ගය භාවිතා කෙරේ ආහාර මාර්ගය මුඛයෙන් සම්බන්ධ වෙනවා සේම අගින් සම්බන්ධ වන්නේ අධෝ මාර්ගයයි.
🤷🏻♂️ සාමාන්‍යයෙන් දිනකට 15 - 20 ත් අතර වාතය පිටවීම සිදුවේ නම් එය නිරෝගී තත්වයකි. පිරිමි පක්ෂයට එසේ වන්නේ වැඩි වාර ගණනකින් ස්ත්‍රීන්ට වඩා වැඩිය වැඩියෙන් නමුත් කාන්තාවන්ට වාතය පිටවීම 15 - 12 අතර වාර ගණනක් සිදුවෙයි.මේ සිදුවන ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයයි.
🤷🏻♂️ අපට නොදැනීම මේ ක්‍රියාවලිය සිදුවේ නමුත් නියමිත වාර ගණනට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් සිදුවේ නම් එය යම් රෝගී තත්ත්වයක් ලෙස හඳුනා ගත හැකියි. මේ තත්ත්වය සාමාන්‍ය ලෙඩ රෝග මෙන් නොව විවිධ අයුරින් අපට බලපෑම් ඇති කරනවා.
🤷🏻♂️ ලොකුම ප්‍රශ්නය වැඩි ශබ්දයකින් වාත පිටවීම සමහර විට කිසිදු ශබ්දයක් නොමැති ව පිටව පිටවන අවස්ථා ද පවතිනවා.ඒ, ආහාර මාර්ගයේ සිදුවන අක්‍රමිකතා වෙන්න පුළුවන්.
වාතය පිටවීම වෙනස් වීමට බලපාන හේතු
📌 ආහාර රටාවේ වෙනස්කම්
📌ජීවන රටාවේ වෙනස්කම්
📌 සමහර රෝගාබාධ
බඩේ වාතය පිරෙන්නේ ඇයි?
📌 ආහාර මාර්ගයට වැඩිපුර වාතය ලැබෙන ක්‍රම බොහෝ විට වෙනස් වන්නේ අපගේ චර්යා රටා අනුවයි. වැඩිපුර ජලය බොන විට වාතය මුඛයෙන් ආහාර මාර්ගයට ඇතුළු වෙයි.
📌 බොහෝ දෙනෙක් පුරුද්දක් ලෙස බුලත් කෑමට යොමු වී ඇතතිබෙනවා. එයින්ද මුඛයෙන් වාතය ඇතුළු වෙනවා.
📌 ඒ වගේම දුම් බීම, චුයින්ගම් කෑම, බීම බට දමා පළතුරු යුෂ බීම, කාබන්ඩයොක්සයිඩ් අඩංගු බීම වර්ග, කොස්, දෙල් වැනි සමහර ආහාර වර්ග වැනි හේතු නිසා වාතය කුසට පිරෙනවා.
📌 ඒ විතරක් නෙවෙයි ආහාර අධික වේගයෙන් ගැනීම, එනම් වේගයෙන් කාගෙන කාගෙන යාම නිසාත් වාතය පිරීම සිදු වෙනවා.
📌 ආහාර ගැනීමෙන් පසු එකතැන වාඩිවී සිටීම නිසා දිරවීමේ අපහසුතා නිසා.
📌 ආහාර ගත් විගස නින්ද යෑම නිසා සිදු වන්නේත් වාත පිරීමයි.
📌 ආහාර මාර්ගයේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වැඩියෙන් පවතින විට කුසට වාතය පිරෙනවා.
📌 සමහර රෝගාබාධ නිසාද වාතය පිරෙනවා.
වාතය පිරිම නිසා ඇති වන අපහසුතා සහ ආබාධ
📌 ආහාර දිරවීමේ අපහසුතා ඇති රෝගීන් මලබද්ධය ඇති කරයි.
📌 කාන්තාවන්ගේ මාස් ශුද්ධිය ඇති විටදී මෙන්ම ඩිම්බකෝෂ ජලය පිරීම.
📌 අජීරණය සහ නොදැරිය යුතු වේග ධාරණය(මුත්‍රා සහ මල)
📌 අපගේ ජීවන රටාවේ වෙනස්කම් හා ආහාර වල ජීරණය වන ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයට අනුව සිදු නොවේ නම් එහි පවතින අඩුපාඩු නිසා වාතය පිටවීම වෙනස් වේ එවිට වැඩිපුර පිටවීම හෝ අඩුවෙන් පිට වීම මෙන්ම වාතය පිටවීමට මෙන් පැමිණ අතරමගදී නතර වී පිට නොවී දැඩි අපහසුතාවයට සැරය පත් කරයි.
📌 එවිට යටි බඩ කොර වීමට පටන් ගනී.
📌 කකුල් වල වේදනාව දැඩිව දැනේ.
📌 එසේම පිට කොන්දේ වේදනාව දැනෙන වර වැඩි වෙයි.
📌 මේ හේතූන් නිසා කම්මැලිකම, වැඩපල කිරීමට ඇති අපහසුවත්, කෑම අරුචිය, හිසේ රුදාව, ඇඟපත වේදනාව, ඈලි මෑලි බව, නින්ද යෑම, ඇවිදීන විට දැනෙන අපහසුව වැනි ලක්ෂණ මතු වීමට පටන් ගනී.
📌 අප ගනු ලබන ආහාර වල බලපෑම නිසා ආහාර ජීරණ පද්ධතියේ හයිඩ්‍රජන්, මීතේන්, කාබන් ඩයොක්සයිඩ් නිපදවීම සිදුවෙනවා. මේ වගේ බොහෝවිට අපට අපහසුතාවකට පත් කරයි.
📌 සමහර පුද්ගලයන්ගේ වාතය පිට නොවී හිර වී පවතී එවිට ඉහත සඳහන් ලක්ෂණ මතු වෙනවා.
📌 ඒ අතරට උගුරට ඒම, වමනයටට පැමිණීම නිසා හිසේ කැක්කුම ඇඟට පණ නැති ගතිය මෙන්ම ශරීරයේ නිරෝගිමත් නොවන ගතිය හා කිසිදු වැඩක් කර ගත නොහැකි බව මෙහිදී දැකිය හැකියි.
වාතය කුසතුල පිරීමට
🤷🏻♂️ ආහාර වල වැඩිපුර බෝංචි,ගෝවා, මිදි වර්ග, අල වර්ග, කෙසෙල් වර්ග, අඹ, කොස්, දෙල්, කොස් ඇට වැනි ආහාර වැඩිපුර ගැනීමෙන් වාතය පිරීමක් සිදු වෙනවා.
🤷🏻♂️ මෙහිදී මෙම ආහාරවල ස්වභාවය නිසාම එම තත්ත්වය ඇති වෙනවා. ආහාර ගත් විගස ස්නානය සුදුසු නැහැ. මොකද සිරුරේ පවතින ආහාර ජීරණ ක්‍රියාවලිය අතරමඟ නවතා දැමීම සිදුවිය හැකි අතර ඉන් සිදුවන්නේ සිරුරේ රුධිර ගමනාගමනය නිසි පරිදි සිදු නොවීම නිසා ආහාර ජීරණය යථා අයුරින් සිදු නොවීමයි. එවිට සිදු වන්නේ ඒ මත බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා වාතේ නිපදවීමයි.
වාතය පිටවීම පාලනය කිරීමට
📌 නිසි වේලාවට ආහාර ගැනීම
📌 කෙඳි සහිත ආහාර ගැනීම
📌 ආහාර ගත් විගස නින්දට නොයෑම
📌 ආහාර මාර්ග පද්ධතිය ක්‍රියාකාරිත්වය නිසි පරිදි සිදු වීමට නිසි ව්‍යයාම වල යෙදීම
📌 අධික ලෙස පැණි භාවිත නොකිරීම
📌 කාබන් ඩයොක්සයිඩ් වැනි පාන වර්ග වලින් වැළකීම
📌 රසකාරක හා කාබන්ඩයොක්සයිඩ් වැනි ආහාරය වැළකී සිටීම
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |