තරුණ හිමිනමක් අවසනාවන්ත ලෙස අපවත් වෙයි..!

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines
By Sewvandhi Mar 18, 2024 04:28 PM GMT
Report

තබ්බෝව ජලාශයේ දියේ ගිලී තරුණ භික්ෂූන් වහන්සේ නමක් අපවත්වී තිබේ.

අනාවරණය වී ඇත්තේ, මෙලෙස අපවත්වී ඇත්තේ රජරට භික්ෂු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි හීල්ඔය සංඝානන්ද හිමි බවටයි.

වාර්තා වන්නේ, හබරාදුව කොග්ගල තලාතුඩුව විවේක සේනාසනයේ භික්ෂූන් වහන්සේ නමක් වන හිමිනම වනාතවිල්ලුව ශ්‍රී ධර්මරාජ විහාරය වෙත පැමිණ සිටියදී විහාරස්ථ භික්ෂූන් වහන්සේ පිරිසක් සමග තබ්බෝව ජලාශයේ දිය නෑමට ගොස් සිටියදී මෙම ඉරණමට මුහුණ දී ඇති බවටයි.

හිමිනමගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (19) සිදුකිරීමට නියමිත අතර කරුවලගස්වැව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.