හිටපු මන්ත්‍රීවරයෙක් පාසල් සිසුවෙක්ට පහර දෙයි..සිසුවා රෝහල් ගත කරයි..
Police spokesman
Sri Lanka Police
Education
By Aruna
පාසල් සිසුවෙකුට පහරදුන් දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පහරකෑමට ලක්වු තම පුත්‍රයා දින පහක් තිස්සේ රෝහල්ගතකර සිටිමුත් සැකකාර මන්ත්‍රීවරයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවටයි, අදාළ පාසල් සිසුවාගේ මව චෝදනා කරන්නේ.
පසුගිය 11 වනදා පාසල නිමවී සිය නිවස වෙත යමින් සිටියදී සැකකාර හිටපු මන්ත්‍රීවරයා බාඳුරාගොඩ නගරයේදී සිසුවාට පහරදී ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවෙක්.
පහරදීමෙන් අනතුරුව සැකකාර මන්ත්‍රීවරයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි, පොලීසිය පවසන්නේ.