ඔබ සතු දේ අන්සතු වෙන්න කලින් "පේටන්ට් බලපත්‍රයක්" ලබාගන්න හැටි.
ස්වාභවික සම්පත් වලින් පොහොසත් වගේම ශ්‍රී ලංකාව කියන්නේ බුද්ධිමත් සහ ශක්තිමත්, ජවසම්පන්න මානව සම්පත් වලින් පිරුණු රටක්. නමුත් ඒ හිමිකමට වටිනාකමක් නොලැබෙන නිසාම මෙරට බුද්ධිගලනය එන්න එන්නම වැඩි වෙනවා. ඉතින් ඒ සම්පත් මෙරටින් අතුගෑවිලාම යන දවස වැඩි ඈතක නෙවෙයි.
පසුගිය කොරෝනා කාලේ ඔබට මතක ඇති අපේ රටේ දක්ෂයින්ගේ වැඩකිඩ ටිකක් එළියට ආවා. නව නිපැයුම්කරුවන්, නව ව්‍යවසායකයින්, නව නිර්මාණකරුවන් බිහි වුණා. නමුත් දැන් කෝ ඔවුන්ගේ නව නිපැයුම්, නව නිර්මාණ?
කොරෝනා කාලයේ විතරක් නෙවෙයි, මීට පෙර බිහි වූ අපේ රටේ නව ව්‍යවසායකයින්ට, නව නිපැයුම්වලට නිසි තැන නොලැබුණු බවට සැකයක් නැහැ. සමහර අයට තිබුණු නොදැනුවත්භාවය නිසාමදෝ ඔවුන්ගේ හිමිකම් අන්සතු වුණා. ඔවුන්ව රවටා අන්සතු කරගත්තා.
ඔබ මතක තියාගන්න ඔබ සතු හිමිකම් වලට, මහන්සියට, බුද්ධියට නිසි තැන ලැබිය යුතුමයි. ඔබට ඒ අයිතිවාසිකම භුක්ති විඳින නම් නීතිමය රැකවරණයක් අත්‍යවශ්‍යයි. සාමාන්‍යයෙන් නව නිපැයුමක්, නව නිර්මාණයක්, නව ව්‍යාපාරයකට මිලක් නියම කරන්න කලින්, එහෙමත් නැත්නම් ජාත්‍යන්තර වෙළඳපොළට රැගෙන යන්න කලින් එය සතු අයිතිය ඔබට හිමි කරගන්න නම් "පේටන්ට් බලපත්‍රයක්" (patent) ලබාගෙන නීතිමය රැකවරණය සලසා ගත යුතුයි. 📑
මොකක්ද මේ "පේටන්ට් බලපත්‍රය"
📑 පේටන්ට් බලපත්‍රයක් මගින් රජය නව නිපැයුම්කරුට ඒකාධිකාරයක් පිරිනමනවා. ඒ කියන්නේ පේටන්ට් බලපත්‍ර නව නිපැයුම් ආරක්ෂා කරන අතර නව නිපැයුම්කරුවන්ට නව නිපැයුම්වලින් ඇති වන ප්රතිලාභ සහතික කර එමගින් නිර්මාණකත්වය සඳහා දිරිගැන්වීම් ලබා දෙනවා.
📑 තවදුරටත් නව නිපැයුම් දිරි ගන්වන අතර ආයෝජන ප්‍රවර්ධනය කරනවා.
📑 ඒ වගේම මෙය ආර්ථික සහ තාක්ෂණික සංවර්ධනයට අනුබල දෙනවා. එනම් පේටන්ට් හිමිකරුට එම පේටන්ට් බලපත්‍රය හිමි තාක්ෂණය භාවිතා කිරීමට, විකිණීමට හෝ බලපත්‍ර මඟින් පවරා දීමට හැකියාව ඇති අතර එමඟින් ආර්ථික ප්රතිලාභ අත්කරගත හැකියි.
📑 එමෙන්ම පේටන්ට් බලපත්‍රය මගින් එහි ලියාපදිංචිය සඳහා ඉල්ලුම්පත්‍රය ගොනු කළ දින සිට 20 අවුරුද්දක කාල සීමාවක් සඳහා එම නව නිපැයුම සෑදීමෙන් භාවිතා කිරීමෙන් සහ විකිණීමෙන් අන් අය බැහැර කිරීමේ අයිතිය එම හිමිකරු සතු වෙනවා.
පේටන්ට් බලපත්‍රය ගන්නේ කොහෙන්ද?
🗞️ පේටන්ට් බලපත්‍රය ගන්න ඕන ජාතික බුද්ධිමය දේපල කාර්යංශය(NIPO) මඟින්.
🗞️ මේ ආයතනයෙන් තව වෙළඳ සංකේත රෙජිස්ටර් කිරීම සහ අනෙකුත් බුද්ධිමය දේපල සම්බන්ද වැඩකටයුතුත් කරගැනීමේ හැකියාව තියෙනවා. මොකද ඔයාලගේ product එකේ brand එක ඔයාලට විතරක් අයිතිය තියෙන්නෙ නෑ. තවත් කෙනෙක්ට ඒ brand එක අයිති කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ වගේ ආයතන වල සහය අරගෙන ඔයාලගේ brand එක register කරගන්න ඕන.
🗞️ විශේෂම දේ තමයි පේටන්ට් බලපත්‍රයක් ගන්න, තමාගේ අදහස නිර්මාණ කිරීම කළ යුතුම නැහැ. අදහස පැහැදිලිව ඉදිරිපත් කිරීමයි වැදගත්. තමන්ට නවනිපැයුමක් පිළිබදව අදහසක් පැමිණි පසු එය ඇත්තටම නව නිපැයුමක්ද කියන එක තමයි මෙතන වැදගත් වෙන්නේ.
පේටන්ට් බලපත්‍රය ලබාදිය හැක්කේ කාටද?
🗞️ නව නිපැයුමක් අලුත් වීම(දැනට පවත්නා දැනුම තුළ නොදක්නා), කාර්මික වශයෙන් යොදා ගත හැකි නම් (කෘත්‍යාත්මක සහ සක්‍රිය) , නව නිපැයුම්කාරි පියවරයක් තිබේ නම් (එම අදාළ ක්ෂේත්රයේ සාමාන්‍ය නිපුණතාවක් සහිත් අයකුට එම නව නිපැයුම් තුල ඇති තාක්ෂණික ඉදිරි පියවර හෝ වැඩි දියුණු කිරීම නොපෙනීම), එයට පේටන්ට් බලපත්‍රයක් ලබා ගත හැකියි.
🗞️ එමෙන්ම වලංගු බලපත්‍රලාභී නව නිපැයුමක් වැඩි දියුණු කිරීමකටද පේටන්ට් බලපත්‍රයක් ප්රදානය කළ හැකියි.
🗞️ නමුත් එය භාවිතයට ගනු ලබන අවස්ථාවේදී පළමු පේටන්ට් බලපත්‍ර හිමියාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ හැකියාවක් පවතින නිසා භාවිතයට පෙර පළමු පේටන්ට් බලපත්‍ර හිමියා සමඟ සාකච්ඡා කිරිම යෝග්‍යයයි.
පේටන්ට් බලපත්‍රයක් ලබාදෙන්නේ කොහොමද?
🗞️ නියමිත ආකෘති පත්‍රය භාවිතා කරමින් බුද්ධිමය දේපළ කාර්යාලයට අයදුම්පත්‍රයක් යොමු කළ හැකියි. හිමිකම් පෑම සහ නියමිත ගාස්තුව සමගින් නව නිපැයුම පැහැදිලිව හා මුළුමනින්ම විස්තර කරන ලේඛනයක් අයදුම්පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතුයි.
පේටන්ට් බලපත්‍රය ගැනීමේදී මුදල් බැදීමටද ක්‍රම කීපයක් තිබෙනවා. |
🗞️ අන්තර්ජාතික සෝදිසි අධිකාරියක් විසින් සකස් කළ සෝදිසි වාර්තාවක් ඉදිරිපත් කිරීම හෝ විකල්පයක් වශයෙන් අයදුම්පත්‍රය සෝදිසි වාර්තාවන් සදහා දේශීය පරීක්ෂකවරයෙකු වෙත යොමු කරන ලෙස බුද්ධිමය දේපළ කාර්යාලයෙන් ඉල්ලීමක් කිරීමට අයදුම්කරුට හැකියාව පවතිනවා.
🗞️ අයදුම්පත්‍රය බුද්ධිමය දේපළ පනතේ අවශ්‍යතා සපුරන්නේදැයි බුද්ධිමය දේපළ කාර්යාලය විමර්ශනය කරනු ඇති.
🗞️ සෝදිසි වාර්තාව සමඟ අදාළ විධිමත් අවශ්‍යතා සපුරාලනු ලබන්නේ නම් පේටන්ට් බලපත්‍රය ප්රදානය කරනු ලබනවා. එමෙන්ම පේටන්ට් බලපත්‍රය ලබාදීමට පෙර නව නිපැයුම ප්‍රකාශයට පත් කරනු ලබනවා (ජාත්‍යන්තර වර්ගයේ සෝදිසි වාර්තාවක් නොමැති විටදී)
සෝදිසි වාර්තාව කියන්නේ මොකක්ද?
🗞️ සෝදිසි වාර්තාවක් කියන්නේ අපගෙ අදහස ඇත්තටම නව නිපැයුමක්ද කියලා සොයාබලලා දෙන වාර්තාව. ඒ නිසා අපගේ අදහස පිළිබඳව නිවැරදි, පැහැදිලි වාර්තාවක් අප විසින් ඉදිරිපත් නොකලොත් සෝදිසි කරන්නන් විසින් අපගේ වාර්තා අයදුම්පත ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා.
🗞️ නමුත් එසේ කරන්නට පෙර අපගේ අඩුපඩු සකස් කරන ලෙස ඔහු විසින් දැනුම්දෙන්න පුළුවන්.
🗞️ පේටන්ට් බලපත්‍රය ප්‍රතික්ෂේප වී ඇත්නම් එයද දන්වනු ලබනවා.
🗞️ - කෙසේ හෝ අයදුම්පත ප්‍රතික්ෂේප වුවහොත් ඔබට අභියාචනාවක්ද ඉදිරිපත් කළ හැකි අතර ඔබගේ අදහස සඳහා පේටන්ට් ලැබී ඇත්නම් ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කරනු ලබනවා.
🗞️ එමෙන්ම ගැස්ට් පත්‍රය මගින් ඔබට පේටන්ට් බලපත්‍රය ලැබෙන බව දන්වා ඇත්නම්, මාස 3ක් ගෙවීගිය පසු ගැස්ට් පත්‍රය ඔබගේ නිවසටම ලැබීමට සලස්වනවා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |