ලෙඩ රෝග වලින් තොර වැඩි බණ්ඩක්කා අස්වැන්නක් ලබාගන්න හැටි.
හැම ගෙදරකම වගේ දැන් පුංචි හෝ වගාවක් තියෙනවා. ඒ වගාවන් අතරට වැඩිපුරම යොදාගන්නේ දේශීය බීජ වර්ග එළවළු වර්ගනේ. ඔය අතර විශේෂ වගාවක් තමයි බණ්ඩක්කා කියන්නේ. පෝෂණයෙන් ඉතා ඉහළ එළවළුවක් වන අතර ආතරයිටිස් වැනි රෝගාබාධ රැසකට ගුණ දෙනවා.
සාමාන්‍යයෙන් ගෙදර නිකන් ආවට ගියාට කරලක් දෙකක් ගන්න බලාගෙන බණ්ඩක්කා පැළයක් හිටවලා හරියන්නේ නැහැ. බණ්ඩක්කා විතරක් නෙවෙයි ඕනෑම එළවළුවක්..පළතුරක්. ඒවාට අවශ්‍ය පුද සත්කාර කරන්න ඕන. ඉතින් මේ කියන්න යන්නේ ගස් පිරෙන්නම හොඳින් පෝෂණය කරලා සාර්ථකව බණ්ඩක්කා අස්වැන්නක් ලබාගන්නේ කොහොමද කියලා. මේක ව්‍යාපාරයක් විදිහට කරන අයටත් ගොඩක් වැදගත්.
වගාවට පෙර පොහොර නිෂ්පාදනය කර ගැනීම
🌱 පොල්කටු අඟුරු කිලෝ 1ක් පමණ හොඳින් කුඩු කරගන්න. ( පොල්කටු තියෙනවා නම් ගෙදරදීම හදාගන්නත් පුළුවන්)
🌱 ගෙදර එකතු වන කෙසෙල් ලෙලි ගිනිගොඩක් උඩ තැබූ තහඩුවක තබා හොඳින් කර කර ගන්න.
🌱 ඒ වගේම එහෙමත් කුඩු කරලා එකතු කරලා තියාගන්න.
පස සකස් කරගන්න විදිහ
🌱 බණ්ඩක්කා සිටුවන්න තැන ගල් බොරලු ඉවත් කරලා හොඳින් පස පෙරළන්න.
🌱 ඊට පස්සේ දින 2ක් අව්වට නිරාවරණය කරලා තියන්න.
🌱 ඉන්පසුව කුඩු කරගත් අඟුරු, කර කරගත් කෙසෙල් ලෙලි කුඩු, බිත්තර කටු කුඩු සහ තද අව්වේ තබා ජීවානුහරණය කර ගත් වැලි ටිකක් පාත්තියේ පස් සමඟ හොඳට කලවම් කරන්න.
🌱 දැන් ආයෙත් දවසක් අවුවට නිරාවරණය කරලා තියන්න.
බීජ සිටුවාගන්න ආකාරය
🌱 බීජ 2ක් අතර පරතරය ඇඟිලි 1 1/2 ක දිගක් වගේ වෙන්න බීජ ළඟින් ළඟින් සිටුවන්න.
🌱 සති 3-4 ක් පමණ වන විට පාත්තියේ පස හොඳින් පෙරලන්න.
🌱 ඊට පස්සේ අලුත් පස් ටිකකුත් එකතු කරන්න.
🌱 ඵලදාව හටගෙන එද්දී ගසේ පහළ ඇති මේරූ කොළ ගසෙන් ඉවත් කරන්න.
පළමු ඵලදාවෙන් පසු
🌱 ඵලදාවෙන් පසු අතු කප්පාදු කරන්න. එතකොට තව තව අතු වැඩීමෙන් වැඩි ඵලදාවක් ගන්න පුළුවන්.
🌱 කප්පාදු කරන ලද ලෙඩරෝග නැති අතු එම පාත්තියේම වළලන්න.
🌱 වගාවට දියර පොහොරක් විදිහට වල්සූරියකාන්ත, ගිනිසීරියා කොළ බ්ලෙන්ඩර් කර දින 3ක් පමණ පල් කර දාන්න පුළුවන්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |