බර අඩු කර ගැනීමට බාධා වන සිරුර අභ්‍යනතර ගැටළු 7ක්.

Ministry of Health Sri Lanka Healthy Food Recipes
By Wayomi Sep 28, 2022 11:04 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

බර අඩු කර ගැනීම කියන්න බොහෝ දෙනෙකුගේ සිහනයක්. ඉතින් ඒ සිහිනේ සැබෑ කරගන්න සමහරු කෑම පාලනය කරනවා, ව්‍යායාම කරනවා, gym යනවා. හැබැයි මේ විදිහට සමහරු සාර්ථක ප්‍රතිඵල ලබාගත්තට...තවත් පිරිසක් ඉන්නවා කොච්චර මොන දේවල් කරලා බැලුවත් ඒ කිසිම දෙකින් සාර්ථක ප්‍රථිපල ලබාගන්න බැහැ. එහෙම බැරි වෙන්නේ බොහෝ දුරට ඔබේ සිරුර අභ්‍යන්තරයේ ඇති විවිධ සෞඛ්‍යම ගැටළු නිසා විය හැකියි. ඒ නිසා මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න.

01.හයිපොතයිරොයිඩිසම්.

🟣 තයිරොයිඩ් ග්‍රන්ථිය ශරීරය පුරා ක්‍රියාවලීන් නියාමනය කරන හෝමෝන කිහිපයක් නිපදවයි.

🟣 බොහෝ පුද්ගලයන් තුළ තයිරොයිඩ් ග්‍රන්ථිය අධි ක්‍රියාකාරී (හයිපර් තයිරොයිඩ්වාදය) හෝ අඩු ක්‍රියාකාරී (හයිපෝතයිරොයිඩ්වාදය) වෙන්න පුළුවන්. ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථිය ක්‍රියා විරහිත නම්, එය ශරීරය පුරා සෛල ක්‍රියාකාරීව තබා ගැනීමට අවශ්‍ය තයිරොයිඩ් හෝමෝන ප්‍රමාණවත් ලෙස නිපදවන්නේ නැහැ.

🟣 ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථිය මන්දගාමී වුවහොත්, ඔබේ පරිවෘත්තීය ඇතුළු අනෙකුත් සියල්ල මන්දගාමී වෙනවා.

🟣 තයිරොයිඩ් ග්‍රන්ථිය ඇති පුද්ගලයින්ට බර අඩු කර ගැනීම ඉතා අපහසු විය හැකියි.

🟣 ඔවුන්ට තෙහෙට්ටුව, මන්දගාමී බව, අවධානය යොමු කිරීමේ අපහසුතාව, මානසික අවපීඩනය, මාංශ පේශි වේදනාව ඇති වෙන්න පුළුවන්.

🟣 ඒ නිසා ඔබේ සම වියළෙනවා නම්, නියපොතු සහ හිසකෙස් ඉක්මනින් කැඩෙනසුළු නම්, රක්තහීනතාවය ඔක්කාරය සහ මළ බද්ධයෙන් පීඩා විඳිනවා නම් එය හයිපොතයිරොයිඩිසම් විය හැකියි.

🟣 ඔබේ පරිවෘත්තීය වේගය අඩු වන විට ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩාල වන නිසා බර වැඩි වීම සිදුවෙනවා.


02. ප්‍රෝලැක්ටිනෝමා.

🟣 සාමාන්‍ය ප්‍රජනන ක්‍රියාවලීන්ට සහ මවුකිරි දීමේ ක්‍රියාවලියට බලපාන්නේ ප්‍රොලැක්ටින් හෝර්මෝනයයි.

🟣 දරුවකුට අත්‍යාවශ්‍ය වන පෝෂකාංග අවශ්‍ය ප්‍රමාණ වලින් රැගෙන යාමට වග කියන්නේත් එම හෝර්මෝනයමයි.

🟣 පිටියුටරි ග්‍රන්ථියෙන් ප්‍රෝලැක්ටින් වැඩිපුර නිපදවීම නිසා හානිකර නොවන ටියුමර්ස් (Benign tumors – පිළිකා බවට පත් නොවන හානිකර නොවන ගෙඩි) ඇතිවිය හැකියි.

🟣 මෙය පුරුෂයන්ට වඩා කාන්තාවන් අතර බහුලයි.

🟣 මෙහි මූලික ලක්ෂණ වන්නේ කාන්තාවන්ට ක්‍රමානුකූල නොවන ඔසප් වීම සහ දරු උපතක් හා සම්බන්ධ නැතත් අසාමාන්‍ය ලෙස මව්කිරි ස්‍රාවය වීමයි.

🟣 පුරුෂයන් තුල නම් අඩු වූ ලිංගික උත්තේජනය, මානසික රෝග, ඇස් සම්බන්ධ ගැටළු සහ හිසරදය දැකිය හැකියි. කාන්තා පිරිමි දෙපාර්ශවයම විසින් පපුව හා උරහිස් ආශ්‍රිත ප්‍රදේශයේ මේද තැන්පත් වී තර වීම දක්නට ලැබෙනවා.

🟣 මෙම රෝගය සුවකර ගත හැකියි. එම නිසා කාලය නාස්ති නොකර අන්තරාසර්ගවේදියෙකු (Endocrinologist) හමු වන්න.


03.දෙවන ගනයේ දියවැඩියාව.

🟣 පළමු ගණයේ දියවැඩියාව මෙන් නොව දෙවන ගණයේ දියවැඩියාවේදී අපගේ අග්න්‍යාශය විසින් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවූවත් ප්‍රතිග්‍රාහක විසින් ඒවාට ප්‍රතිචාර නොදක්වමින් ඉන්සියුලින් ප්‍රතිරෝධී බවට පත්වෙනවා.

🟣 එහි ප්‍රතිඵලයක් ලෙස දිගින් දිගටම එක්රැස් වන ඉන්සියුලින් හේතුවෙන් ස්ථුලතාවය ඇතිවිය හැකියි.

🟣 මෙහි ඇති භයානකකම වන්නේ දිගු කාලයක් ඔබ එය නොදැන සිටීමයි.

🟣 මොකද රෝගය හඳුනා ගත හැක්කේ රුධිර පරීක්ෂාවකින් පමණයි. සාමාන්‍ය දියවැඩියා ලක්ෂණ වන අධික පිපාසය සහ අධික ලෙස මුත්‍රා පහ කිරීම මෙහිදී දක්නට ලැබෙන්නේ නැහැ.


04.ඉන්සියුලිනෝමා.

🟣 මෙම රෝග තත්ත්වයේදී රුධිර සීනි මට්ටම ඉතා ප්‍රබල හා කැපී පෙනෙන ලෙස අඩු වීම සිදුවෙනවා.

🟣 එහි ප්‍රතිඵලයක් ලෙස හයිපොග්ලයිසීමියා (Hypoglycemia – සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා රුධිර සීනි මට්ටම අඩුවීම)ඇති විය හැකියි.

🟣 සිරුර විසින් අඩුවන ග්ලූකෝස් මට්ටම නැවතත් වැඩි කර ගැනීමට උත්සාහ දරන නිසා හයිපොග්ලයිසීමියා තත්ත්වයේදී අධික කුසගින්නක් ඇති වෙනවා.

🟣 හයිපොග්ලයිසීමියා ඇති විට පුද්ගලයෙකු ආහාර ගන්නේ නැති නම්, වෙව්ලීම, ටැකිකාඩියා (Tachycardia – හෘද ස්පන්දනය මිනිත්තුවට ස්පන්දන 100කට වඩා වැඩි වීම), කථන හා චර්යාමය ගැටලු සහ ක්ලාන්තය ඇතිවිය හැකියි.

🟣 හයිපොග්ලයිසීමියා හේතුවෙන් ඇතිවන ප්‍රතික්‍රියාවන් ඉතාමත් අප්‍රසන්න වන අතර නිතරම කුසගින්නෙන් පසු වීමත්, ආහාර ගැනීමත් නිසා රෝගියාගේ බර වැඩි වීම දක්නට ලැබෙනවා.

🟣 මේ නිසා එවැනි රෝග ලක්ෂණ තිබෙනවා නම් ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවන්න.


05.ආතතිය සහ විශාදය.

🟣 ආතතිය ශරීරය පුරා බොහෝ ක්‍රියාවලීන්ට බලපෑම් කරන කෝටිසෝල් නම් හෝමෝනය මුදා හැරීමට හේතු වෙනවා.

🟣 ඔබ නිදන්ගත ආතතියෙන්, කාංසාවකින් හෝ ශෝකයෙන් ජීවත් වන්නේ නම්, එහි ප්‍රතිඵලය බොහෝ විට ඉහළ, දිගුකාලීන කෝටිසෝල් මට්ටම් වන අතර, එය මානසික අවපීඩනය, රුධිර පීඩනය ඉහළ යාම සහ උදරයේ මේදය වැඩි වීම වැනි සෞඛ්‍ය ගැටලුවලට තුඩු දිය හැකියි.

🟣 නිදන්ගත ආතතිය සහ මානසික අවපීඩනය ද බොහෝ විට චිත්තවේගීය ආහාර ගැනීමට හේතු වන අතර එමඟින් බර වැඩිවීමට හේතු වෙනවා.


06.කුෂින් රෝගය (Cushing’s disease)

🟣 දිගු කලක් තිස්සේ ශරීරයේ කෝටිසෝල් මට්ටම ඉහළ යාම කුෂිංග්ස් සින්ඩ්‍රෝමය සඳහා ද හේතු විය හැකියි.

🟣 එය බර වැඩිවීම, විශේෂයෙන් මුහුණේ සහ ඉහළ ශරීරයේ මෙන්ම කුරුලෑ, උදාසීනත්වය, අධි රුධිර පීඩනය, නින්දගත ගැටළු සහ අක්‍රමවත් ඔසප් චක්‍රය වැනි ගැටළු ඇතිවිය හැකියි.

🟣 එහිදී සිරුර විසින් උදරය වටා සහ බෙල්ලේ පිටුපස මේදය තැන්පත් කරනවා.නමුත් දෑත් සහ දෙපා සිහින්ව පවතිනවා

🟣 කුෂින්ග්ගේ සින්ඩ්‍රෝමය පිරිමින්ට වඩා කාන්තාවන් තුළ, විශේෂයෙන් වයස අවුරුදු 25 ත් 40 ත් අතර කාන්තාවන් තුළ බහුලව දක්නට ලැබෙනවා.


07.ඩිම්බ කෝෂ ගෙඩි හෙවත් පොලිසිස්ටික් ඩිම්බ රෝගය. (PCOS – Polycystic ovary syndrome)

🟣 PCOS යනු හෝමෝන අසමතුලිතතාවයක ප්‍රතිඵලයකි.

🟣 කුරුලෑ, මුහුණේ අධික රෝම, අක්‍රමවත් ඔසප් වීම, හිසකෙස් තුනී වීම, ගැබ් ගැනීමට අපහසු වීම සහ පැහැදිලි කළ නොහැකි බර වැඩිවීම වැනි රෝග ලක්ෂණ විය හැකියි.

🟣 PCOS සඳහා ප්‍රතිකාරයක් නොමැති වුවද, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්, ව්‍යායාම සහ බර කළමනාකරණය වැනි ජීවන රටා සාධක මගින් එය බොහෝ විට කළමනාකරණය කළ හැකියි.

🟣 PCOS පාලනය කළොත් තබා ගැනීම වඳභාවය, හෘද රෝග සහ ගර්භාෂ පිළිකා අවදානම අඩු කරයි. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW