60 දෙනෙකු මුහුදට බිලි වූ තවත් භයානක අනතුරක්. - (VIDEO)

Death
By Wayomi Mar 15, 2024 12:13 PM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ අනවසර සංක්‍රමණික යාත්‍රාවක් ගිලී යෑමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් පුද්ගලයින් 60 දෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ ලිබියාවේ සිට යුරෝපය බලා යාත්‍රා කරමින් සිටි අනවසර සරණාගතයින් රැගත් යාත්‍රාවක්.

ඉතාලිය හෝ මෝල්ටාව බලා එම යාත්‍රාව ගමන් කරමින් පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

අනතුරට ලක්වී සිටි පිරිසෙන් පුද්ගලයින් 25 දෙනෙක් මුදාගැනීමට හැකිවී ඇති අතර ස්වේච්ඡා සහන සේවා කණ්ඩායම් මෙම මුදාගැනීමේ මෙහෙයුම සිදුකර තිබුනා.

ඊට ඉතාලි වෙරළාරක්ෂක සේවායේ ද සහාය ලැබී ඇත.

මධ්‍යධරණී මුහුද සැලකෙන්නේ, අනවසර සංක්‍රමණිකයින් ගමන් කරන ලොව වඩාත් භයානකම මුහුදු මාර්ගය ලෙසයි.

එක්සත් ජාතීන්ගේ සරණාගත සේවයට අනුව ඒ ඔස්සේ යුරෝපයට පැමිණීමට උත්සාහ කරන අනවසර සංක්‍රමණිකයින්ගෙන් 2,500ක් පමණ අතුරුදන් හෝ මියයයි.

එමෙන්ම මේ වසර තුළ මධ්‍යධරණී මුහුදේ සිදුවූ අනතුරුවලින් මියගොස් ඇති සංක්‍රමණිකයින් ගණන 226ක් බවද වාර්තා වෙනවා.