නිවසට වතුර ගෙන එන්නැයි ගිය 6 හැවිරිදි දැරියට සිදුවූ අපරාධය..

Jaffna Sri Lanka Police Investigation Latest Headlines
By Sewvandhi Mar 16, 2024 11:28 AM GMT
Report

මදුරන්කුලිය විරුතොඩේ ප්‍රදේශයේදී ළිඳකට වැටී දියේ ගිලී‍මෙන් දැරියක් මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ, එම දැරිය සිය නිවස අසල පිහිටි ළිඳෙන් පනිට්ටුවක් ආධාරයෙන් වතුර ගැනීමට යාමේදී ළිඳට වැටී ඇති බවයි.

අනතුරුව ඇය පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී දැරිය මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ 06 හැවිරිදි විරුතොඩේ මදුරන්කුලි ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක්‌. සිද්ධිය සම්බන්ධයෙන් මදුරන්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.