කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘතයි - පහළ ප්රදේශවල ජනතාවට දැනුම්දීමක්
Weather
Latest Headlines
Rain
Sinhala news
Special Announcement
By R.rishma
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට ඊයේ (26) ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් පස්වරුවේ සිට විවෘත කර ඇති බව ජලාශය භාර ඉංජිනේරුවෝ පවසති.
පවතින කාලගුණ තත්ත්වය හමුවේ ජල පෝෂක ප්රදේශවලට තවදුරටත් වර්ෂාව ලැබුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ද ස්වයංක්රීයව විවෘත විය හැකි බව ඔවුහු සඳහන් කරති.
ඒ අනුව, ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔය දෙපස පදිංචි ජනතාවට අවධානයෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ජල මට්ටම් ඉහළ යාමේ අවදානම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් ජලාශය භාර ඉංජිනේරුවෝ දැනුම් දෙති.