Puwath - Sri Lanka Sinhala News Website | Sri Lanka Latest News Updates | Sri Lanka Sinhala Latest News | Latest Breaking News Online | Daily Sri Lanka Sinhala News| Indian and World News | ශ්රී ලංකා සිංහල පුවත් වෙබ් අඩවිය | ශ්රී ලංකා සිංහල අලුත්ම පුවත්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ගමින් ගමට කොට්ඨාස රැස්වීම් මාලාව හෙට (02) සිට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව එම පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව සඳහන් කළ ඔහු, සතියේ දින පහ පුරාම දිවයිනේ විවිධ ප්‍රදේශ ආවරණය වන පරිදි රැස්වීම් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද පැවසීය.
කොළඹ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් සමඟ පැවැති රැස්වීමකදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කළේය.
වත්මන් ආණ්ඩුව ජනතාවට ලබාදුන් බව කියන පොරොන්දු සහ ආණ්ඩුව සම්බන්ධයෙන් එල්ල වන වංචා හා දූෂණ චෝදනා පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙම රැස්වීම් මාලාවේ ප්‍රධාන අරමුණක් බව ඔහු සඳහන් කළේය.
විශේෂයෙන්ම කන්ටේනර් 323ක් සම්බන්ධ සිදුවීම, ගල් අඟුරු ගනුදෙනුව, මහ බැංකුවේ පරිගණක පද්ධතියට හැකර්වරුන් ඇතුළුවීම සහ වැරදි ගිණුම් වෙත මුදල් යොමු කිරීම සම්බන්ධ සිදුවීම් පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙස ද පක්ෂ ක්‍රියාකාරීන්ට උපදෙස් ලබාදුන් බව ඔහු පැවසීය.
එමෙන්ම, මැතිවරණ වේදිකාවලදී ලබාදුන් බව කියන පොරොන්දු ඉටු කිරීම සම්බන්ධයෙන් ද ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.
විශේෂයෙන් සෞඛ්‍ය සේවා, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ පාසල් උපකරණ සඳහා පනවා ඇති බදු සම්පූර්ණයෙන් ඉවත් කිරීම ඇතුළු මැතිවරණ පොරොන්දු සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය යොමු කරන ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.
ඉරානයට එල්ල විය හැකි නව එක්සත් ජනපද ප්‍රහාරයක් සම්බන්ධයෙන් මැදපෙරදිග කලාපයේ ආතතීන් ඉහළ යමින් පවතින පසුබිමක, ඉරානය තුළ පහරදීමට ඉතිරිව ඇත්තේ ඉලක්ක එකක් හෝ දෙකක් පමණක් බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
එම ඉලක්ක විනාශ කිරීමට මිනිත්තු 10ක් පමණක් ප්‍රමාණවත් බව ද ඔහු සඳහන් කර ඇත.
ෆ්ලොරිඩා ප්‍රාන්තයේදී මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් පවසා ඇත්තේ එක්සත් ජනපදය මේ වන විටත් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කර ඇති බවයි.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ 'පිකැක්ස් කන්ද' ප්‍රදේශය ද තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමට නියමිත ඉලක්ක අතර පවතින බව ඔහු සඳහන් කර තිබේ.
මේ සතිය තුළ ඉරානයට තවත් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් තිබේදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී ට්‍රම්ප් පවසා ඇත්තේ එවැනි සැලසුමක් පැවතියද ඒ පිළිබඳව කල්තියා මාධ්‍යයට දැනුම් නොදෙන බවයි.
කෙසේ වෙතත්, ඉරානය සමඟ පවතින සාකච්ඡා යහපත් ලෙස ඉදිරියට යමින් පවතින බව ද ඔහු ප්‍රකාශ කර ඇති අතර, ඉරානයේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් සිය අතෘප්තිය ද පළ කර තිබේ.
මේ අතර, ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි එරට ඉහළ පෙළේ හමුදා නිලධාරීන් සමඟ විශේෂ උපදේශන සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
එහිදී එක්සත් ජනපදය හෝ ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලබන ඕනෑම තර්ජනයකට ක්ෂණිකව සහ දැඩි ලෙස ප්‍රතිචාර දක්වන ලෙස ඔහු සන්නද්ධ හමුදාවලට උපදෙස් ලබාදී ඇති බව සඳහන් වේ.
එමෙන්ම, භූගෝලීය සීමාවන් නොසලකා අවශ්‍ය ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටිය යුතු බව ද ඉරාන උත්තරීතර නායකයා අවධාරණය කර තිබේ.
එක්සත් ජනපදයෙන් එල්ල විය හැකි නව ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීම් සහ ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය නිකුත් කර ඇති දැඩි ප්‍රකාශ හමුවේ මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය යළිත් උණුසුම් වී තිබේ.